lan englan tam

පුවත්

ලකයි සිකයි ‘සුරදෙටුවෝ’ අරන් සිනමාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට මෙන්ම විදෙස් රටවලද සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් හාස්‍යෝත්පාදක අන්තර්ගතයන් නිර්මාණකරුවන් (Content creators) දෙදෙනෙක් වන ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) දෙදෙනාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරන "සුරදෙටුවෝ" නවතම චිත්‍රපටය,

එළඹෙන මාර්තු මස 12 වනදා සිට EAP ඇතුළු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට සූදානම්.

 

Suradetuwo lakai sikai

 

සුරලොවත් මනුලොවත් යා කෙරෙන අපූර්ව කතා තේමාවක් පාදක කර ගනිමින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමාපටයක් ලෙසයි " සුර දෙටුවෝ " ප්‍රේක්ෂකාගාරයට තිළිණ වන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසින් වන අතර, මෙය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

මීට රංගනයෙන්, ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) සමගින්, ළමා නිළි නෙතිනි වීරසිංහ, ශාලිකා නදිශානි, සුගන්ධී වෝෂදී, දර්ශන් අවරාජා, සුදක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර සහ වර්නි පෙරේරා... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

 

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචනා කොට තිබෙනවා.

"සුරදෙටුවෝ" නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතුනවගොන්න විසින්.

ඉතින්, මාර්තු 12 වනදා සිට සතුට, සිනහව නොඅඩුව තිළිණ කරන "සුරදෙටුවෝ" නරඹන්නට ඔබත් එක්වන්න.

 

මතු දැක්වෙන්නේ පසුගියදා පැවති චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේ ඡායාරූප කිහිපයක්.

ඡායාරූප - Nirosha Jayawardena

 

647692282 10163699228773398 2268601139170535503 n

646264265 10163699222548398 5087582387430500335 n

646279883 10163699209908398 7312339999750499695 n

646201322 10163699210853398 2662479344480272971 n

647704255 10163699211473398 609394189407988146 n

647673395 10163699209973398 2165695490796091150 n

647680535 10163699209558398 3776341550145335721 n

646281690 10163699292893398 6252044071646644913 n

646215152 10163699216978398 1143246978032651628 n

646197355 10163699217923398 5249615215855789666 n

646189324 10163699286018398 1040280771139411888 n

646280781 10163699286408398 7514516530738132244 n

kemadasa

shungara

Back to top
Go to bottom