ප්‍රවීණ සහ ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරියගේ නවතම හාස්‍ය සිනමා නිර්මාණය “සාජන්ට් පුංචිසෝම” ළඟදීම දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයද මේ වන විට නිකුත් කොට තිබෙනවා.
මීට රංගනයෙන් - ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ආනන්ද අතුකෝරාල, සරත් කුලාංග... ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ තිර රචනය හා නිෂ්පාදනය ද උදයකාන්ත වර්ණසූරිය විසිනි.
සිනහවට නව අරුතක් එක් කරන “සාජන්ට් පුංචිසෝම” ඔබ වෙත එන්නේ පවුලේ සැමට නැරඹිය හැකි සිනමා නිර්මාණයක් ලෙසයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>









