ප්‍රවීණ රංගන ශිල්පී එරික් අබේවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එරික් අබේවර්ධන යනු හුදෙක් නළුවෙකු පමණක් නොව, චරිතාංග නිරූපණයෙහි සුවිශේෂී දක්ෂතා දැක්වූ ශිල්පියෙක් ලෙසත් ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්.
වේදිකා නාට්‍ය තුළින් සිය කලා ගමන ආරම්භ කළ ඔහු එතැන් පටන් ප්‍රබල චරිත හරහා ප්‍රේක්ෂක මනසේ නොමැකෙන මතකයන් ඉතිරි කිරීමට ඔහු සමත් විය.
හාස්‍ය රංගනයන් සඳහා ද ඔහු කැපී පෙනන දක්ෂතාවයක් ප්‍රකට කළ අතර ප්‍රේක්ෂක මුවගට සිනහවක් එක්කරමින් ප්‍රේක්ෂක ආදරය නිබඳව දිනා ගැනීමට සමත් විය.
එරික් අබේවර්ධනගේ හදිසි වියෝව පිළිබඳව කලාකරුවන්, හිතවතුන්, රසිකයන් ඇතුළු බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා සිය ශෝකය පළ කරමින් සංවේදී සටහන් රැසක් එක් කර තිබුණා.









