lan englan tam

පුවත්

මලකි දුවේ නුඹට දින 60 යි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය සාර්ථක 60 වන දිනය පසු කිරීමට සමත් වුණා.

චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය ජනවාරි 02 දා සිටයි.

මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.

අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටය වන්නේ ද ‘මලකි දුවේ නුඹ’ වන අතර,

චිත්‍රපටය තුළින් මාලිනී ෆොන්සේකා ඇගේ පරම්පරා දෙකක් සමඟ, පළමු වතාවට ෆොන්සේකා පරම්පරා තුනක් සිංහල සිනමාවේ දකින්නට ලැබෙනවා.

ඔබත් ළඟම සිනමා ශලාවේදී ‘මලකි දුවේ නුඹ’ නරඹන්නට එක්වන්න.

මතු දැක්වෙන්නේ ප්‍රේක්ෂක ඔබට දැන් ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනකි.

 

646705539 122125433007047061 6571743516532178932 n

645303547 122125433133047061 8430185152288589270 n

645673469 122125433229047061 113629153557018996 n

 

kemadasa

shungara

Back to top
Go to bottom