lan englan tam

පුවත්

පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් අත්අඩංගුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුපිරි පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර භාවිතා කර රිය පැදවීමේ සැකය මත කැලිෆෝනියා ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙසේ අත්අඩංගුවට පත් වූ ඇයව ඊයේ (05) දින මුදා හැර ඇති අතර, මැයි 04 වන දින වෙන්චුරා ප්‍රාන්ත මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙසේ  ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලිෆෝනියා අධිවේගී මාර්ග මුර සංචාරක බලකාය (CHP) විසිනුයි.

මේ පිළිබඳව අදහස් දක්වනින් CHP සඳහන් කළේ බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ BMW රථය අධිවේගී මාර්ගයක "අධික වේගයෙන් සහ අවදානම් සහගත ලෙස" පදවන බවට බලධාරීන්ට වාර්තා වී තිබූ බවයි. ඒ අනුව රථය නවතා පරික්ෂා කළ අවස්ථාවේ ඇය "මත් වී සිටින බවට ලකුණු පෙන්වූ" බව ද , ඒ අනුව මත්ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා ඇයව යොමු කළ බවයි.

මේ පිළිබඳව ඇයගේ නියෝජිතයෙකු BBC පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත්තේ, “මෙය කිසිසේත්ම සමාව දිය නොහැකි අවාසනාවන්ත සිදුවීමක් බවයි”

කෙසේ වෙතත් මෙම සිදුවීම තවමත් විමර්ශනය වෙමින් පවතින අතර රසායනික පරීක්ෂණ වාර්තා (blood tests) ලැබෙන තෙක් බලා සිටින බව CHP පවසයි. වාර්තා වලට අනුව ඇයගේ රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බන්ධනාගාර වාර්තාවල ඇයගේ රැකියාව ලෙස සඳහන් කර ඇත්තේ "ප්‍රසිද්ධ පුද්ගලයෙක්" (celebrity) යනුවෙනි.

බ්‍රිට්නි ස්පියර්ස් යනු 1981 උපන් ඇමරිකානු ගායිකාවක් වන අතර "Princess of Pop", යන නමින්ද ඇයව හඳුන්වනු ලබනවා.

ඇය 21 වන සියවසේ සංස්කෘතික වශයෙන් වඩාත් වැදගත් චරිතයක් ලෙසද හඳුනා ගැනෙනවා. Baby One More Time, Toxic, Everytime, Gimme More, Womanizer සහ Stronger වැනි ලොව පුරා අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇය ගායනා කොට තිබෙනවා.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom