lan englan tam

පුවත්

"බිත්තරේ" වැඩ අරඹයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘Mogo Studios’ විසින් නිෂ්පාදනය කරන නවතම සිනමා නිර්මාණය වන "බිත්තරේ” (The Egg) චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ (06) දිනයේ කොළඹ මැරීනෝ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

වෙනස්ම සහ නැවුම් කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ තරුණ සිනමා නිර්මාණකරු සසික හේරත් විසිනුයි. මෙය ඔහුගේ දෙවන සිනමා නිර්මාණයයි.

"බිත්තරේ" සිනමා නිර්මාණය පිළිබඳව ඔහු අදහස් පළ කළේ මේ අයුරින්.

“බිත්තරයත් එක්ක ගැටෙන කතාවක් තමයි සම්පූර්ණයෙන්ම මේ චිත්‍රපටය පුරාවටම දිවෙන්නේ. හරි රසවත් සිදුවීම්, අහඹු සිදුව්ම් ඔස්සේ දිවෙන කතාවක්.

බිත්තරයට ආදරය කිරීමක් ද, බිත්තරය සම්බන්ධව කෑදරවීමක් ද? 

මොකක්ද මේ බිත්තරය  එක්ක දිවෙන කතාව කියලා ලඟදීම ප්‍රේක්ෂකයන්ට දැන ගන්න ලැබෙයි”

මීට රංගනයෙන් - ප්‍රදීප් රාමවික්‍රම, උමා අසේනි, චින්තක වාස්, තිලාන් වර්ණජිත්, ශෂී ප්‍රියංකර, චමින්ද බටුකොටුව, නවීන් සෞම්‍ය, නිමල් ජයසිංහ, හංසමාලා ජානකි.. ඇතුළු ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත රජීව් මධුමාධව විසිනි.

චිත්‍රපටයේ රූගත කිරීම් එළඹෙන මාර්තු 12 දා මහව ප්‍රදේශයේදී ආරම්භ වීමට නියමිත අතර, ඉක්මනින්ම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට අපේක්ෂිතයි.

මතු දැක්වෙන්නේ ඊයේ (07) පැවති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් >>

 

 

.

 

kemadasa

shungara

Back to top
Go to bottom