ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘කැලෑහඳ’ නව කතාව ඇසුරින් නිර්මාණය වන, මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය හා තිර රචනය සිදු කරන ‘කැලෑහඳ’ නවතම සිනමාපටය ළඟදීම තිර ගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ වැඩ අවසන් බව දැනුම්දීම සදහා පසුගියදා(10) Hotel Sapphire හිදී මාධ්‍ය හමුවක් ද සංවිධානය කොට තිබුණා.
1953 දී මුල්වරට සිනමාවට නැගුණු ‘කැලෑහඳ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ස්ටැන්ලි පෙරේරා (ජයපාලගේ චරිතය) සහ රුක්මණී දේවි (මාලිනීගේ චරිතය) විසින් වන අතර, මෙවර එම චරිත ද්විත්වය සඳහා තරුණ පරපුරේ ජනප්‍රිය නළු නිළියන් දෙපළක් වන රවීන් කනිෂ්ක සහ දසුනි සිනෙත්මා දායක වෙනවා.
එමෙන්ම මුල් චිත්‍රපටයේ රීටා රත්නායක නිරූපණය කළ ඩේසිගේ චරිතය මෙහි නෙතූ ගම්ලත් විසින් නිරූපණය කරනවා.
ඒ සමගින්, සේමිණී ඉද්දමල්ගොඩ, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, කිංස්ලි ලෝස්, ප්‍රදීප් රාමවික‍්‍රම, සැනට් දික්කුඹුර, හේමන්ත ඊරියගම, ජයනි වීරසිංහ, රජිත රුද්‍රිගොඩ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සීමාසහිත ඩ්‍රීම් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ආචාර්ය රවී ලියනගේ විසිනුයි.
කැමරා අධ්‍යක්ෂණයෙන් - චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් - තිස්ස සුරේන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණයෙන් - ආචාර්ය රෝහණ වීරසිංහ, ගීත රචනයෙන් - හර්බට් එම් සෙනෙවිරත්න, ගීත ගායනයෙන් - රවීන් කනිෂ්ක, ආදිත්‍යා වැලිවත්ත, තනුර මධුගීත්, නාද සැලසුම් - සසික රුවන් මාරසිංහ (ජාතික චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය), නිෂ්පාදන කළමනාකරණයෙන් - නිමල් විජයසිරි සේනාධීර සහය අධ්‍යක්ෂණයෙන් - සරත් සේනාරත්න කලා අධ්‍යක්ෂණයෙන් - සේන මාඹුලගේ, නර්තන අධ්‍යක්ෂණඋඑන් - චන්දන වික්‍රමසිංහ වස්ත්‍රාභරණ නිර්මාණ - රමේෂා ඔෂිනි, අංග රචනා - ප්‍රියන්ත දිසානායක, කේශ අලංකරණය - හරූන් ෂයිඩීඩ්න් මීට දායක වෙනවා.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවැති 'කැලෑ හඳ' චිත්‍රපටයේ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක්.
ඡායාරූප - Sandamali Wimalasena විසිනි.
https://www.mirrorarts.lk/news/12449-73-2#sigProId55baa14f1e











