lan englan tam

පුවත්

‘ධර්මයුද්ධය 2’ ලාංකීය සිනමා ඉතිහාසය අලුත් කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකිය සිනමා ඉතිහාසයේ, මෙරට ටිකට්පත් අලෙවියෙන් පමණක් චිත්‍රපටයක් ඉපැයූ වැඩිම ආදායම ඉපැයීමට 'ධර්මයුද්ධය 2' අද (15) සමත් වී තිබෙනවා.

ඒ චිත්‍රපටය තිරගත වී දින 50 හේ කඩඉම පසුකරන විට රුපියල් ලක්ෂ 5,000 (මිලියන 500)  ආදායමක් වාර්තා කිරීමට සමත් වෙමින්.

එමෙන්ම මේ සමගම චිත්‍රපටයේ ප්‍රේක්ෂක නැරඹුම් සංඛ්‍යාව මිලියනය පසු කිරීමට සමත් වීමද විශේෂත්වයක්.

'ධර්මයුද්ධය 2' දිවයින පුරා තිරගත වීම් ආරම්භ වුණේ ජනවාරි 23 වැනිදා සිට වන අතර, එදා පටන් මේ දක්වා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් දිවයින පුරා සිනමා ශාලා වලදී චිත්‍රපටය තිරගත වෙනවා.

චිත්‍රපටය තිරගත වී පළමු දින 10 තුළදීම රුපියල් ලක්ෂ 1000ක වාර්තාගත අදායමක් ඉපයීමට සමත් විය.

ඉන් පසු ගෙවුණු සෑම දින 10කටම ධර්මයුද්ධය ලක්ෂ 1000ක ආදායමක් ඉපැයුවේ ආරම්භයේ සිටම දැඩි ප්‍රේක්ෂක ආකාර්ෂනයක් ලබා ගනිමිනි.

ඒ අනුව, දින 50 ක් වැනි කෙටි කාලයක් තුළදී මෙරට ටිකට්පත් අලවියෙන් පමණක් රුපියල් ලක්ෂ 5000ක් ඉපැයූ පළමු සහ එකම චිත්‍රපටය වන්නේ ධර්මයුද්ධය 2 යි.

“ධර්මයුද්ධය 2” අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, ???????? ????? ??????? ආයතනයය චිත්‍රපටය නිෂ්පාදනය කළා.

මීට රංගනයෙන්, බිමල් ජයකොඩි ඇතුළුව දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

ආදරය, ත්‍රාසය, භිතීය සහ කුතුහලය පිරුණු ධර්මයුද්ධය 2 පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයකි.

 

kemadasa

shungara

Back to top
Go to bottom