ඊනිඩ් බ්ලයිට්න්ගේ (Enid Blyton) සුප්‍රසිද්ධ ළමා කතාවක් ඇසුරෙන් නිර්මාණය කළ 'The Magic Faraway Tree' චිත්‍රපටයේ (Musical fantasy adventure film) හඳුන්වාදිමේ පෝස්ටරය මේ වන විට නිකුත් කර තිබෙනවා.
මෙම චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර ද රංගනයෙන් දායක වන අතර, ඔහු චිත්‍රපටයේ නිරූපණය කරන්නේ 'Angry Pixie' නම් චරිතයයි.

ඇන්ඩෲ ගාෆීල්ඩ් (Andrew Garfield), ක්ලෙයාර් ෆෝයි (Claire Foy) ඇතුළු ලෝක ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්වන අතර, මෙම රංගන ශිල්පීන් සමඟ හිරාන් අබේසේකර එකම තිරයක දැකගත හැකි වනු ඇති.
බ්‍රිතාන්‍ය, ඇමෙරිකානු නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය Ben Gregor ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තව එළඹෙන මාර්තු 27 දා සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
හිරාන් අබේසේකර
හිරාන් අබේසේකර යනු 2022 වර්ෂයේ ලන්ඩනයේ ‘Laurence Olivier Awards’ සම්මාන උළෙලේදී හොඳම වේදිකා නාට්‍ය නළුවා වෙනුවෙන් පිරිනැමෙන ‘ලෝරන්ස් ඔලිවියර් ‘ සම්මානය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ ඔසාවා තැබූ රංගන ශිල්පියා වන අතර,
මෑත කාලයේ ඔහු ලන්ඩන් නැෂනල් තියටර් හීදී “හැම්ලට්” වේදිකා නාට්‍ය නිෂ්පාදනයේ ‘හැම්ලට්’ චරිතයය සඳහා ද පණ පොවනවා.









