lan englan tam

පුවත්

“එදා රෑ” රූගත කිරීම් අවසන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වන "එදා රෑ" චිත්‍රපටයේ සියලුම රූගත කිරීම් මේ වන විට අවසන් කොට තිබෙන බව වාර්තා වෙනවා.

මෙම චිත්‍රපටය දින 40 ක් පුරාවට දර්ශන තල 98 ක, ප්‍රධාන නලු නිළියන් 60ක් සහ අතිරේක රංගන ශිල්පීන් 1,200 ක පිරිසක් සමඟින් රූපගත කිරීම් සිදු කොට තිබෙන අතර,

අතිශය මිහිරි ගීත 26ක් ද ඇතුළත්, දර්ශන(Scenes) 180 ක් රූපගත කිරීමෙන් අනතුරුවයි මෙම දැවන්ත නිර්මාණයේ මුල් අදියර නිම කර ඇත්තේ.

618566375 1673467297397607 6674806296107901247 n 1

 

“එදා රෑ" චිත්‍රපටය තුළින් මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර විසින් වන අතර,

නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, සුරන් දිසානායක, ‍ධර්මප්‍රිය ඩයස්, ජනිත් වික්‍රමගේ, විශ්ව කොඩිකාර, අනුරුද්ධිකා පාදුක්කගේ, දිනිති වල්ගම, කළණ ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, සප්නා පාදුක්ක, හිමාලි සිරිවර්ධන, ෆර්නි රෝෂිනී, බියංක අමරසිංහ ඇතුළු තවත් ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම සාරංග දිසාසේකර, නිහාරි පෙරේරා, පියුමාලි එදිරිසිංහ සහ රොෂාන් රණවණ මීට ආරාධිත රංගනයෙන් එක්වෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදාණපතිරණ විසින් රචිත අතර, කැමරාකරණය චන්න දේශප්‍රිය විසිනි.

චිත්‍රපටයේ සංගිත අධ්‍යක්ෂකවරයා ලෙස සුරේෂ් මාලියද්ද කටයුතු කරන අතර, ගීත ගායනය සදහා රනිල් මල්ලවාරච්චි සමග පවන් මල්ලවාරච්චි එක් වෙනවා.

'One Line' ප්‍රඩක්ෂන් වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ රනිල් මල්ලවාරච්චි, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සහ චමක මංජුල විසිනි.

 

මේ වන විට චිත්‍රපටයේ පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, ‘එදා රෑ One Voice, Million Hearts’ ඉක්මනින්ම ප්‍රේක්ෂයන්ට තිළිණ කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

 

618772509 1442689714087364 2275541443003514961 n 2

 

 

kemadasa

shungara

Back to top
Go to bottom