lan englan tam

පුවත්

“Sátántangó” චිත්‍රපට ප්‍රදර්ශනය කල් දමයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

එළඹෙන මාර්තු 22 දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ සුප්‍රකට හංගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂක බෙලා තාර් ගේ "Sátántangó" චිත්‍රපටය ප්‍රදර්ශනය කල් දැමීමට තීරණය කොට තිබෙනවා.

මේ පිළිබඳව දැනුම් දීමක් සිදු කරමින් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කරන්නේ මැද පෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුධමය ගැටුම් හේතුවෙන් ඉදිරියෙහි මතුවිය හැකි බලශක්ති අර්බුධයට මුහුණ දීම සඳහා රජය විසින් මේ වනවිට ගෙන ඇති තීරණ මත, රාජ්‍ය ආයතන වල සිදුකරන උත්සව වැඩසටහන් සීමා කිරීමට කටයුතු කිරීමට සිදු වීම නිසා මෙලෙස චිත්‍රපටය ප්‍රදර්ශනය කල් දැමූ බවයි.

එමෙන්ම මෙම චිත්‍රපට ප්‍රදර්ශනය ඉදිරියේදී සිදුකිරීමට නියමිත අතර, ඒ පිළිබඳ ප්‍රේක්ෂකයන් වෙත දැනුම් දීමට කටයුතු කරනු ලබන බවද චිත්‍රපට සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරනවා.

kemadasa

shungara

Back to top
Go to bottom