සෞම්‍ය ලියනගේ සහ නදීශා හේමමාලී ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වන ‘චන්දරේගෙ Wife’ නවතම චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.
චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය ද අද (18) දින අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.
‘චන්දරේගෙ Wife’ අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ‘සංකාරා’, ‘කර්ම’, ‘28’, ‘දඩයක්කාරයා’..වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි විසින් වන අතර, පසුගිය වසර වල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් "එයා දැන් බැඳලා" ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළේත් ඔහු විසිනුයි.
සෞම්‍ය -නදීශා සමඟින් සමගින් ජෙහාන් අප්පුහාමි, සරත් කොතලාවල, දුලීකා මාරපන, දිනූපා කෝදාගොඩ.. ඇතුලු තවත් අති දක්ෂ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ Hypra Entertainers වෙනුවෙන් රුචිර විජේසේන සහ චන්දන විජේසූරිය විසින්.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>>









