2025 වසරේ ප්‍රදර්ශනයට එක්වූ චිත්‍රපට අතරින් වැඩිම පිරිසක් නැරඹූ, වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස කිරුළු පැළඳි ‘මෝඩ තරිඳු’ සිනමා පටය එළඹෙන මාර්තු 22 දා (ඉරිදා) සිට නිල වශයෙන් දේශීය ප්‍රදර්ශනයෙන් සමුගැනීමට නියමිතයි.
‘මෝඩ තරිඳු’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 10 දා සිට වන අතර, මේ වන විට දින 148 ක් දේශීය සිනමා ශාලා තුළ තිරගත වෙමින්, මිලියනයකට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවක් (934,169) චිත්‍රපටය නරඹා තිබෙනවා.
මෙය අධ්‍යක්ෂණය කළේ තිසර ඉඹුලාන විසින් වන අතර,
සුර්යා දයාරුවන්, කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක විය.
"මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින් සිදු කළ අතර, කැමරාකරණය හසිත වර්ණසූරිය විසිනි.
චිත්‍රපටය නිෂ්පාදනය කළේ Thisara Imbulana Films & Villa19 මගිනි.

‘මෝඩ තරුඳු’ චිත්‍රපටයේ අවසන් දර්ශනය මාර්තු 22 ඉරිදා, සවස 4.15 ට, ONE GALLE FACE හි PVR සිනමා ශාලාවේදී පැවැත්වෙන අතර, ඔබටත් අවසන් දර්ශනය නැරඹීමට එක් විය හැකියි.
ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම :-









