නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් නිෂ්පාදනය කිරීමට නියමිත නවතම 'Scooby-Doo' සජීවී රංගනයෙන් යුත් (live -action) කතා මාලාවේ ප්‍රධාන චරිත සඳහා තෝරාගත් නළු-නිළියන් කවුරුන්ද යන්න දැන් නිල වශයෙන් අනාවරණය කොට තිබෙනවා.
මීට පෙර කතා මාලාවේ ඩැෆ්නිගේ චරිතය නිරූපණය සඳහා තවමත් 19 වන වියේ පසුවන ඇමරිකානු රංගන ශිල්පිනියක වන මැකේනා ග්‍රේස් (Mckenna Grace) තෝරාගෙන ඇති බව නිවේදනය කරනු ලැබු අතර,
ඩැෆ්නිගේ චරිතයට තෝරාගත් මැකේනා ග්‍රේස් (Mckenna Grace)
අලුතින් තෝරාගත් නළු - නිළියන් මෙසේයි.
ඒ අනුව, ‘Mystery Inc.’ කණ්ඩායමේ නායකයා වන ෆ්‍රෙඩ් ජෝන්ස් (Fred Jones) ලෙස මැක්ස්වෙල් ජෙන්කින්ස් (Maxwell Jenkins) ද,
ෂැගී (Shaggy) ලෙස ටැනර් හැගන් (Tanner Hagen) ද,
වෙල්මා (Velma) ලෙස ඇබී රයිඩර් ෆෝට්සන් (Abby Ryder Fortson) ද තෝරාගෙන ඇති බව නිවේදනය කොට තිබෙනවා.

මෙම නවතම Scooby-Doo' කතාමාලාවේ නම තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, මෙම කතාමාලාව කොටස් 8 කින් සමන්විත වේ.
වාර්තාවන ආකාරයට මෙහි කතාව ගොඩනැගෙන්නේ අප කවුරුත් හොදින් දන්නා ජනප්‍රිය 'Scooby-Doo' කාටූන් මාලාවේම නවතම ප්‍රතිනිර්මාණයක් ලෙස වන අතර, මෙහිදී Mystery Inc. කණ්ඩායමේ සාමාජිකයන් මුලින්ම මුණගැසුණු ආකාරය සමගින් කතාව ගලා යන බවයි සදහන් වන්නේ.









