අතීතයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් විශිෂ්ට සිංහල සිනමා නිර්මාණ යළිත් රිදී තිරය වෙත රැගෙන ඒමට ස්කෝප් සිනමාස් (Scope Cinemas) ගෙන ඇති නවතම වැඩපිළිවෙළ යටතේ, 1989 වසරේ අතිශය ජනප්‍රිය වූ 'නොම්මර 17' සිනමා පටය 2026 මාර්තු 27 වනදා සිට යළිත් රිදී තිරයට පැමිණීමට සූදානම්.
ඒ අනුව 2026 මාර්තු 27 දා කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී දේශීය කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන අතර, මාර්තු 28 සහ 29 මහජන දර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ප්‍රවේශ පත්‍රය: රු. 800/-
දැන්ම ඔබේ ආසනය වෙන් කරගන්න!
https://tinyurl.com/yzuu8f9a
'නොම්මර 17' චිත්‍රපටයට විජය කුමාරතුංග, සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ජීවන් කුමාරතුංග, මර්වින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා, මැණික් කුරුකුලසූරිය.. ඇතුළු මෙරට ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වූහ.
මෙය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ හේමසිරි සෙල්ලප්පෙරුම විසින් වන අතර, ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයකි.
අතිශය මිහිරි ගීත රැසක් ද අඩංගු වූ 'නොම්මර 17' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අර්නස්ට් සොයිසා ගෙනි.
සිංහල සිනමාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වූ 'නොම්මර 17', දින 200ක් සාර්ථකව ප්‍රදර්ශනය කෙරිණි.









