lan englan tam

පුවත්

මෝහන්ලාල්ගේ උපන්දිනයදා ජෝර්ජ්කුට්ටි යළි එයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මලයාලම් සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මෝහන්ලාල් ('ජෝර්ජ්කුට්ටි' ලෙස) ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය ද්‍රිශ්‍යම්’ (Drishyam) චිත්‍රපට මාලාවේ 3 වන කොටස නිකුත් වන නව දිනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

 

Drishyam 3 i 2 w

 

මීට පෙර අප්‍රේල්  2 දා සිට මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට නියමිතව තිබුණ ද, මේ වන විට මැද පෙරදිග පවතින අර්බුධකාරී තත්වය නිසා එළඹෙන මැයි 21 දා සිට තිරගත කිරීම් ආරම්භ කිරිමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පී මෝහන්ලාල් විසින්ද සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා දැනුවත් කර තිබූ අතර, චිත්‍රපටය නිකුත් කෙරෙන  මැයි 21 දිනට ඔහුගේ උපන් දිනය යෙදී තිබීමත් විශේෂත්වයක්.

 

drishyam 3 POST(මොහාන් ලාල් විසින් 'Drishyam 3' තිරගත වන නව දිනය ප්‍රකාශයට පත් කර තිබුණේ මෙලෙසින්)

 

ජීතු ජෝසප් විසින් අධ්‍යක්ෂණය කළ, මෝහන්ලාල් 'ජෝර්ජ්කුට්ටි' ලෙස  ප්‍රධාන චරිතය නිරූපණය කරන 'දෘශ්‍යම්' චිත්‍රපට මාලාව මලයාලම් සිනමාව තුළ අතිශය බලපෑමක් කළ නිර්මාණයක් වූ අතර, චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයන් රැසක් ද විවිධ භාෂා වලින් නිර්මාණය විය.

2013 වසරේ තිරගත වූ පළමු 'Drishyam’ චිත්‍රපටය ත්‍රාසජනක කථා කීමේ කලාව (storrytelling) සම්බන්ධයෙන් නව සලකුණක් තැබූ අතර, 2021 වසරේ නිකුත් වූ 'දෘශ්‍යම් 2' එම කුතුහලය දනවන කතාව තවදුරටත් ඉදිරියට රැගෙන ගියේය.

මෙරට තුළද  'ධර්මයුද්ධය 1' නමින් 'Drishyam’ පළමු චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණයක් නිර්මාණය වූ අතර මෙරට සිනමාවේ ඉහළ ආදායම් වාර්තා තැබීමට එම චිත්‍රපටය සමත් වූ අතර,

මේ දින වල  'Drishyam 2' චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණය 'ධර්මයුද්ධය 2' නමින් අදායම් වාර්තා අලුත් කරමින් තිරගත වෙමින් පැවතීමත් විශේෂත්වයක්.

ඉතින් 'ජෝර්ජ්කුට්ටි' ගේ නැවත පැමිණීම කෙසේ සටහන් වෙයිද? යන්න මැයි 21 දා සිට ප්‍රේක්ෂකයාට දැකගත හැකි වනු ඇති.

"අතීතය කිසිවිටෙකත් නිහඬව නොසිටියි... එය බලා සිටිනවා පමණි."

 

DRISHYAM 2 IMAGE

kemadasa

shungara

Back to top
Go to bottom