රංගනය ගැන හැදෑරීමක් ඇතුව කලා ක්ෂේත්රයට එන ශිල්පිනියන් තරමක් අඩුයි. ඉරේෂා තෙන්නකෝන් එවන් හැදෑරීමක් ඇතුව ආ නවක රංගන ශිල්පිනියක්. දිගු නිහැඬියාවකින් පසුව ඇය යළිත් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ දොරකඩ දෙවොල හි රණවීරගේ බිරිඳ ලෙසින්. ඒ නිසාම අපි ඉරේෂා තෙන්නකෝන් එක්ක කතා කළා. ඉරේෂා ගැන හැඳින්වීමෙන්ම කතාව ආරම්භ කරමු?
මගේ ගම නිකවැරටිය. පාසල් ගියේ නිකවැරටිය මහසෙන් ජාතික පාසලට. මට ඉන්නේ අම්මා විතරයි. අම්මා වසන්ති ගුණරත්න. අම්මා රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක්.
කොහොමද කලාවට යොමු වෙන්නේ?
පොඩි කාලේ ඉඳන් කලාවට ආසයි. රංගනය ගැන පාසලේදී විෂයක් විදියට සහ පාසලෙන් පසුවත් හදාරනවා. සංගීතය විෂයක් විදියට හදාරලා නම් නැහැ. නමුත් රංගනයට එන්න කලින්ම ගායනයට අවස්ථාවක් ලැබෙනවා. මම අවුරුදු 14දී විතර රජරට සේවයෙන් රසවින්දන වැඩසටහනකට එනවා, මගේ මව උගන්වන පාසලට. එතනින් පසුව මට අවස්ථාව ලැබෙනවා රජරට සේවය හා සම්බන්ධ වෙන්න. ඒ කාලේ මට එතැනදී උදව් කළේ දර්ශන රුවන් දිසානායක. එතුමාව මම අදටත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
මුල්ම නිර්මාණය සහ මෙතෙක් කළ නිර්මාණ මොනවද?
මහේන්ද්‍ර සර් තමයි මාව මුලින්ම ටෙලි නාට්‍යකට යොමු කරන්නේ. නමුත් ඒ නාට්‍යය විකාශය වුණේ නැහැ. මුලින්ම විකාශය වුණේ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ‘ඉඩෝර වැස්ස‘ ටෙලි නාට්‍යය. නිරෝෂන් විජේසිංහ අයියා මාව මේ තැනට ගේන්න ලොකු මහන්සියක් දැරුවා. මගේ අම්මාට අමතරව මගේ රංගනයට කැපකිරීම් කළා නම් ඒ නිරෝෂන් අයියා. ඉන් පසුව මම තිලිණ බොරලැස්සගේ සිඳු සහ සිහින සමාගම ලැබෙනවා. දෙරණ නාළිකාවේ පෝය නාට්‍යයවලට සහ හසුන් සමීර අයියාගේ කවීන් නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ එක්කම මහේෂ් රත්සරමද්දුම ආරච්චි අයියා ලියන මායාවී නාට්‍යයේ රඟපෑවා.
කාලයක් රංගනයෙන් ඈත් වෙන්න වුණු හේතුව මොකක් ද?
දැනට සිරස ටීවී නාළිකාවේ විකාශය වන මායාවී නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න කාලේ අනතුරකට ලක් වෙලා පාදයේ ශල්‍ය කර්මයකට ලක් වුණා. දැන් සම්පූර්ණ සුව වෙලා වැඩ කරන්න පටන් අරන් තියෙනවා.











