lan englan tam

පුවත්

නදීෂාව අලුත් කරලා තිබුනා රංගන ප්‍රකාශනය තුළ. හරියට ප්‍රසන්න සේමිණීව එයා දැන් බැඳලා එකේ අලුත් කරලා තිබුනා වගේ.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
' 15 වෙනිදා සිට චන්දරේගේ Wife බලන්න යන්න.
චන්දරේගේ wife සිනමාපටය ප්රසන්න ජයකොඩි නිර්මාණය ක්. මම ප්රසන්නගේ නිර්මාණ රසවිදින පරණ ප්රේක්ෂිකාවක්. වේදිකා නාට්ය , රූපවාහිනී නිර්මාණ , සිනමා නිර්මාණ නරඹන්නියක්.
චන්දරේගේ Wife මාධ්ය දැක්මට ගියේ නොතිත් ආශාවෙන්. ප්රසන්නගේ 28 තමයි අන්තිමට මම බලලා තිබුන සිනමා කෘතිය.
චන්දරේගේ wife දිහා බලං හිටියා. සිනමාත්මකයි. එහි කැමරා වියමන, සංස්කරණ වියමන ට මම පෞද්ගලික ව කැමතියි.
පොඩි එවුන් ටික නියමයි. මරු. මරේ මරු වගේ අදහසක් තියෙන්නේ. කෙල්ලො තුන්දෙනා ජෙහාන් අප්පුහාමිගේ දරුවෝ. අනිත් පොඩි කොලු පැටියා ගැන ආදරේ හිතෙනවා. කරට කර රගපානවා.
නදීෂව අලුත් කරලා තිබුනා රංගන ප්රකාශනය තුළ. හරියට ප්රසන්න සේමිණීව එයා දැන් බැඳලා එකේ අලුත් කරලා තිබුනා වගේ.
මම විචාරයක් ලියනවා නෙමේ. මගේ අදහස ප්රකාශ කරනවා රසිකයෙක් ලෙස.
චන්දරේගේ wife , චන්ද්රේ හිරේ ගියාම කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක ජීවත් වෙනවා. පුඵන් කොට්ට විකුණනවා. දුෂ්කර ගමක. කෙල්ලො තුන්දෙනා අතරට කොලු පැටියෙක් එන්නේ චන්දරේගේ පුතෙක් කියලා.
මේ කොලු පැටියා පවුලේ පිරිමි පාර්ෂවයෙ කටයුතු තමන්ට පවර ගන්නේ ගෑනුන්ට වඩා තමන්ට හයිය තියෙන බව පෙන්වන්න.
පුඵන් කොට්ට හැදීම
වතුර බූලියක් ඔසවාගෙන පැමිණීම
ආදී වශයෙන් බර වැඩ ට අත ගසන්නේ පිරිමි දෘෂ්ටියෙන්.
තමාව රැක බලාගන්නා කාන්තාවට ලිංගික අතවරයක් සිදුවෙන්නට යන තැනක කොල්ලා ගේම ඉල්ලන්නේ ඇයව ආරක්ෂා කරගැනීමේ වගකීම වෙනුවෙන්.
මේ නිසාම චන්දරේගේ wife කොලුවා සමග හදවතින් සමීප වෙනවා.කෙල්ලෝ තිදෙනාට මවගේ ආරක්ෂාව පිළිබද එවන් අදහසක් ඇති බවක් පෙනෙන්නට නැහැ.
ප්රසන්නගේ චන්දරේ ගේ wife තුළ පුරුෂ මූලික පවුල පිළිබද දෘෂ්ටිවාදය , සැමියා නොමැති විට , පිරිමි දරුවා වගකීම ට මුහුන දීම , වගකීම් වලට මැදිහත් කරවීම තුළ තවදුරටත් පවුලකට පිරිමි මැදිහත්වීම අවශ්ය බව ප්රසන්න තහවුරු කරනවා.
චන්දරේගේ wife නැරඹිය යුතු , රසවිදිය හැකි සිනමාත්මක නිර්මාණයකි.
නදීෂා හේමමාලි සෞම්ය ලියනගේ , සරත් කොතලාවල, දුලීකා මාරපන, දිනූපා කෝදාගොඩ , ජෙහාන් අප්පුහාමි ,දරු පිරිවර සහ අනෙකුත් චරිත සදහා රංගනයෙන් දායකවූ පිරිස තම වගකීම් නිසිලෙස අධ්යක්ෂ ප්රසන්නට ඕනෑ අයුරින් ඉටුකර ඇති බව පෙනෙනවා.
පෞද්ගලිකව නදීෂා ගැන සතුටුවෙනවා.
මාතෘත්වය, මානුෂිකත්වය සහ සමාජ , ආර්ථික , සංස්කෘතික කාරනා පිළිබද කැටිකොටගත් චන්දරේගේ wife වෘත්තීය අරගල තුළ අත හැරෙන පවුලේ අරගලය මෙහෙයවන ගැහැනියක් සහ ඊට උරදෙන දරුවන්ගේ ජීවිත අරගලය ඔබට ඉතා රසවත්ව 15 දා සිට නැරඹිය හැකිය.
කලා අධ්යක්ෂවරයා, සංගීත අධ්යක්ෂවරයා, ගී ගායනය , කැමරාකරණය , සංස්කරණය , ඇදුම් නිර්මාණය ඇතුලු සමස්ත ශිල්පී දායකත්වය අගය කළයුතුය.
ප්රසන්න ජයකොඩි අපට සිටිනා නිර්මාණශීලි , වටිනා අධ්යක්ෂ වරයෙකි.
15 වෙනිදා සිට චන්දරේගේ Wife ව හමුවෙන්න අමතක කරන්න එපා.
සුබපැතුම් ! ''
උපුටා ගැනීම මනෝහාරී හේවාවසම්ගේ ෆේස්බුක් පිටුවෙන් ....

kemadasa

shungara

Back to top
Go to bottom