පට්ටිගෙදර සදෙව්‘ කිව්වම ඔහුව නොදන්නා කෙනෙක් නැති තරම්. කෙටි කාලයකින් ප්රේක්ෂක හදවත් දිනාගත්තු මේ ආදරණීය රංගන ශිල්පියා, ඇත්ත ජීවිතේදී නම් ධම්මික බණ්ඩාර. ධම්මිකගේ කලා ජීවිතයේ තොරතුරු වගේම, ඔහුගේ මේ ගමන් මඟ ගැන කතා කරන්න අද අපි ඔහු මෙලෙස සම්බන්ධ කර ගත්තා.
මුලින්ම මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?මේ දවස්වල අලුතින් මියුසික් වීඩියෝ එකක් කළා. ඒක ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම වැඩ පටන් ගත්ත ටෙලිඩ්රාමා හතරක් විතර තියෙනවා. ඒවා ඉදිරියේ විකාශනය වෙනවා සහ තව අලුතෙන් කතා කරපු වැඩ ගොඩක් තියෙනවා පටන් ගන්න.
‘පට්ටි ගෙදර සදෙව්‘ මොකද හිතෙන්නේ චරිතෙ ගැන?
මේ වෙනකොට ටෙලිනාට්ය ක්ෂේත්රයේ මට ලැබුණු කැමැතිම චරිතයක් සහ මට ලැබුණු හොඳ අවස්ථාවක් තමයි පට්ටි ගෙදර සදෙව්, මට ඒ අවස්ථාව ලැබුණේ තිර රචනය හා අධ්යක්ෂණය කරපු අනුෂ්ක රසාංජන ද සිල්වා මල්ලි හරහා. ඇත්තටම මම ආසයි එයා එක්ක වැඩ කරන්න. මම මේ අවස්ථාව හම්බෙන්න කලින් ‘ටේක්කෙයා, එක වහලක් යට‘ වගේ ටෙලිනාට්ය මං බලලා තියෙනවා ඉතිං ලොකු ආසාවක් ආවා එයා එක්ක වැඩ කරන්න. ඒ ආසාව ඉටුවුණා.
ෆාදර් චිත්රපටය ඔබේ පළමු චිත්රපටයද?
ඔව්, එය මගේ පළමු චිත්රපටය. රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්රයේ දේවල් ඉගෙන ගන්න සෑහෙන්න ‘කටු කාල‘ තියෙනවා. මට රංගනයට ආස හිතුණෙ පුංචි කාලේ ඉඳන්මයි. ඒ ආසාවෙන් බලා හිටපු දේ මේ ආපු ගමනේ එක තැනකදී මට හමුවෙනවා ෆාදර් චිත්රපටය හරහා. අධ්යක්ෂ චමින්ද අයියටත් නිෂ්පාදනයට සම්බන්ධ වුණු ශාන්ත ගීත දේව අයියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩේට ගත්තට. ඉතින් ඒ හම්බවෙන පළමුවැනි අවස්ථාව අපේ රටේ ඉන්න ක්ෂේත්ර සහ ප්රවීණ දක්ෂ රංගන ශිල්පියන් ශිල්පිනියන් සෙට් එකක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ලොක් සතුටක්. ඒ වගේම කාලයක් එකට වැඩ කරන යාළුවෝ කට්ටිය එක්ක තමයි රංගනයෙන් දායක වෙන්න ලැබුණේ











