ඔන්න Obsession චිත්රපටය මේ වෙද්දි ඇ.ඩො.මිලියන 148 ආදායම පසු කර ගිහින් තියෙනවා.
මේ චිත්රපටය ඇමරිකාව තුළ දෙවන සතියට වඩා 10% ක වැඩි ආදායමක් තුන්වන සතියෙ ලබාගෙන තියෙනවා.
1982 වසරෙ අපූ E.T. චිත්රපටයට පස්සෙ ප්රථම වතාවට තමයි දෙවන සතියෙ ආදායමට වඩා 10% වැඩි ආදායමක් චිත්රපටයක් ලබාගත්තෙ.
( මේ වෙද්දි ඇමරිකාව තුළ පමණක් ඇ.ඩො.මිලියන 100 ට අධික ආදායමක් චිත්රපටය හොයල තියෙනවා)
මේ චිත්රපටය නිර්මාණයට ගිහින් තියෙන්නෙ ඇ.ඩො.මිලියනයකටත් අඩු මුදලක්. ($750K).
මේ වෙද්දි විචාරකයන් පවසන්නෙ මේ චිත්රපටය ඇ.ඩො.මිලියන 250 ක ආදායමක් ලබා ගනියි කියල..එහෙම උනොත් සිනමා ඉතිහාසයෙ වැඩියෙන්ම ලාබ ලැබූ Horror චිත්රපටය ලෙස Obsession වාර්තා අතරට එක්වෙනවා.
Curry Barker තමයි මේ Obsession චිත්රපටය අද්යක්ෂනය කරල තියෙන්නෙ. දැනට මෙම වසරේ නිකුත්වූ හොඳම Horror චිත්රපටය ලෙස ප්රේක්ෂකයන් හදුන්වන්නේද මේ චිත්රපටයයි.
IMDB වෙබ් අඩෙවියෙහි 8.2 ක අඟයක් සහ Rotten Tomatoes හි 95% ක විචාරක ප්රතිචාර ලබා ගැනීමට මේ චිත්රපටයට හැකි වෙලා තියෙනවා. එය වාර්තා අතරට එක්වූයේ මෙම වසරෙ දැනට නිකුත්වූ ඉහළම ප්රතිචාර ලබා ගත් Horror චිත්රපටය ලෙසයි.
ඒ වගේම LetterBoxd හි 4.2 ක ඉහළ අඟයක් මේ චිත්රපටය මේ වෙද්දි ලබාගෙන තියෙනවා.
තවද CinemaScore හි A- අඟයක් මේ චිත්රපටය ලබාගෙන තියෙනවා. එය වාර්තා අතරට එක් වුනේ R-rated Horror චිත්රපටයක් CinemaScore වල ලබා ගත් ඉහළම අඟය ලෙසයි.
මේ චිත්රපටය ජුනි 02 ඩිජිටල් Platforms හරහා නිකුත්වීමට නියමිතයි









