lan englan tam

අතන මෙතන

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ “මුද්දරස්පලං” කෘතිය දොරට වැඩීම හෙට (21) ඉරිදා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මීට පෙර පාඨකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ "සීනි මුරුක්කු" කෙටි කතා සංග්‍රහය රචනා කළ ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචිත නවතම කෘතිය වන “මුද්දරස්පලං” හෙට දිනයේ එනම්,

සැප්තැම්බර් 21 ඉරිදා, සවස 4.00 ට, කොළඹ සුදර්ශි ආයතනයේ නුග ගහ සෙවනේදී ජනගත වෙනවා.

එදිනට, ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ජනප්‍රිය රංගන හා ගායන ශිල්පී සජිත ඇන්තනී, ජනප්‍රිය රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද්, ජනප්‍රිය දේශක හේමප්‍රිය කවිරත්න, ජ්‍යෙෂ්ඨ නීතීඥ දර්ශන කුරුප්පු, පොලිස් වෙබ් හා සමාජ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති ඉලක්ෂ ජයවර්ධන අදහස් දක්වන්නට නියමිතයි.

එදින, ගීත ගායනයෙන් සූර්යා දයාරුවන්, මාධවී වත්සලා ඇන්තනී, හර්ෂණ දිසානායක එක්වෙනවා.

උත්සවය මෙහෙයවීම ධනංජය සිරිවර්ධන හා චානු දිසානායක විසින්.

මෙම අවස්ථාවට එක් වන මෙන් කතුවර කසුන් මහේන්ද්‍ර ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

 

548776976 10228694388695643 1957940591613190468 n

 

kemadasa

shungara

Back to top
Go to bottom