චිත්‍රපට උරුම පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ ඒකබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය විසින් FISCH (ප්‍රංශය-ඉන්දියාව-ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන “Heritage Film Festival”,
හෙට සහ අනිද්දා (සැප්තැම්බර් 27 සහ 28) යන දින දෙකේම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
මෙහිදී ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට ප්‍රදර්ශනය වන්නට නියමිතයි.
ඇතුළු වීම නොමිලේ.
චිත්‍රපට තිරගත වන දිනය සහ වේලාවන් පහත සටහනින් දැක්වේ.

















