සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මනෝහාරි හේවාවසම්ගේ 'පුරප්පට්ටුව' නවකතාව පිළිබඳ සහෘද කතාබහටයි.
ඔක්තෝබර් 18 වෙනි සෙනසුරාදා උදෑසන 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
එදිනට මෙම කෘතිය පිළිබඳ කතාබහේදී චතුර ජයතිලක, කපිල එම්. ගමගේ සහ හරින්දි ලියනගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
මෙවර පැවැත්වෙන 85 වැනි සාකච්ඡා මණ්ඩපය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසින්.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'පුරප්පට්ටුව' කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
'පුරප්පට්ටුව' කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස මෙය සංවිධානය කරන The Asian Review Sinhala ඔබ සැමට ආදරයෙන් ආරාධනා කොට සිටිනවා.
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'පුරප්පට්ටුව' කෘතිය මිලදී ගන්නත් ඔබට හැකියි.
වීඩියෝව නරඹන්න - Click Here
ඔක්තෝබර් 18 වැනි සෙනසුරාදා ඔබත් එන්න.
The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට සහභාගී වෙන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!
(තොරතුරු මූලාශ්‍රය - The Asian Review Sinhala නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

















