ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය සහ සිනමා කරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්‍යර්ථින්ගේ සංගමය (NFC Alumni Society) ඒකාබද්ධව පවත්වන මාසික සිනමා කතිකාවේ නොවැම්බර් දිගහැරුම යටතේ මෙවර,
ජපන් සිනමාවේ දැවැන්තයෙකු වන අකිරා කුරෝසාවා විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ටතම චිත්‍රපටයක් වන 'MADADAYO' සිනමා පටය ප්‍රදර්ශනය සහ සාකච්ඡාවක්,
2025 නොවැම්බර් මස 30 වැනිදා ඉරිදා,
සවස 4.30 ට,
ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී (Joe Abeywickrama Hall, National Film Corporation) පැවැත්වෙනවා.
මෙම සිනමා කෘතිය විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ අවසන් කාලය සහ ඔහුගේ සිසුන් සමග ඇති බැඳීම, හාස්‍යය මෙන්ම සංවේදී ලෙස නිරූපණය කරන, ජීවිතය පිලිබඳ ගැඹුරු විමසුමකි.
මෙදින, චිත්‍රපටය පිළිබඳව ආරාධිත අදහස් දැක්වීම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක විසින් සිදු කරන්නට නියමිත අතර මෙහෙයවීම සමීර සේනානායක විසිනි.
ප්‍රවේශය නොමිලේ...!
සිනමා කලාවට ආදරය කරන ඔබ සැමට ආරාධනා......!

















