නීතිඥ සහ ප්‍රවීණ සිනමාකරු ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් (Visakesa Chandrasekaram) ගේ නවතම වාර්තා චිත්‍රපටය "32 - Return of the torturer" (වධකයාගේ පුනරාගමනය) වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය සහ ඒ පිළිබඳ සාකච්ඡාවක්,
2025 දෙසැම්බර් 27 සෙනසුරාදා, සවස 5.00 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වෙනවා.
එදිනට, චිත්‍රපටය පිළිබඳව සාකච්ඡාවට නන්දන වීරරත්න, ප්‍රබා මනුරත්න, බූපති නලින්, විදර්ශන කන්නන්ගර සහභාගී වන්නට නියමිතයි.
"32 - Return of the torturer" (වධකයාගේ පුනරාගමනය) වාර්තා චිත්‍රපටයට ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් ලැබූ අත්දැකීම් සහ ඔහු කළ පර්යේෂණ පදනම් වී තිබෙන අතර, ඔහු University of New South Wales ( UNSW ) හි පර්යේෂකයෙකු ලෙස සිදුකරන ලද පර්යේෂණවල දිගුවක් ලෙස මෙම වාර්තා චිත්‍රපටය හැදින්විය හැක.
"32 - Return of the torturer" යනු මෙරට නීති පද්ධතිය සහ මානව හිමිකම් පිළිබඳව සාමුහික හෘද සාක්ෂිය අවදි කරන සිනමා කතිකාවකි.
පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>
ප්‍රවේශය නොමිලේ. පැමිණි පිළිවෙලට ආසන වෙන් කෙරේ.
සංවිධානය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව


















