lan englan tam

අතන මෙතන

“ගිනි පුළිඟු" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීම (ජනවාරි 06)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න විසින් "ගිනි පුළිඟු - කෙටි කවි" නමින් සිංහල බසින් ප්‍රතිරචනය කරන්නට යෙදුණ,

පෝලන්ත කිවියර ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘Firewords – Tiny Poems’ කෙටි කවි සංග්‍රහය සිංහල පාඨකයා අතට පත්කිරීම, 2026 ජනවාරි 6 වැනි අඟහරුවාදා පස්වරු 3.00 ට, කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

මේ අවස්ථාව සඳහා ආසියානු සාහිත්‍ය නිවහනේ ආරාධනයෙන් කිවියර ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කි ද සහභාගි වීමට නියමිතයි.

උත්සව සභාව මෙහෙයවන්නේ භූෂන් ප්‍රදීප් කණ්ඩම්බි විසින්.

මෙදිනට ප්‍රවීණ ලේඛක සමන් වික්‍රමාරච්චි සහ ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ආරාධිත දෙසුම් සමග වෙනස් හැන්දෑවක් ගතකරන්නට සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.

සංවිධානය - ආසියානු සාහිත්‍ය නිවහන, ආසියානු සාහිත්‍ය නියෝජිතායතනය, සුභාවි ප්‍රකාශන අයතනය

 

606601791 122264654216018495 8507498190173419290 n

kemadasa

shungara

Back to top
Go to bottom