දමිළ සිනමාවේ සිනමාවේ සුපිරි තරුව ලෙස හැඳින්වෙන රජිනිකාන්ත්ගේ සිනමා දිවියට මේ වන වසර 50 සම්පූර්ණ වෙනවා.
මෙම 50 වන සැමරුමත් සමග අද(14) සිට රජිනිකාන්ත් ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් එක්වෙන ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කළ ‘coolie’ චිත්‍රපටයත් ලොව පුරාම තිරගත වෙන්න නියමිතයි. මේ චිත්‍රපටය තිරගත වෙන්න පෙරම ඊයේ දිනය වෙනකොට උතුරු අමෙරිකාව තුළ ප්රදර්ශනයට පෙර අලෙවි වූ ප්රවේශපත්ර මඟින් ඩොලර් මිලියන 2 ඉක්මවා ආදායමක් උපයාගත් පළමු දෙමළ චිත්රපටය බවට පත්වෙමින් වාර්තාවකුත් තබා අවසන්.
පහතින් දැක්වෙන්නේ මේ සුපිරි තරුව රජිනිකාන්ත්ගේ ගමන් මඟ ගැන කෙටි මතක් කිරීමක්,
1950 දෙසැම්බර් 12 වන දින මයිසූරයේ (කර්ණාටක) බැංගලෝරයේ සිවාජි රාඕ ගයික්වාඩ් උපත ලබනවා. ඔහුගේ පියා පොලිස් කොස්තාපල් කෙනෙක් සහ මව ගෘහ නිර්මාණ ශිල්පිනියක් වුනා. සහෝදරයින් දෙදෙනෙක් හා සහෝදරියක් වූ සිවාජි පාසල් අධ්‍යාපන කාලයේ සිටම වේදිකා නාට්‍ය සඳහා යොමු වුනා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ කුඩා රැකියා කිහිපයකම නියලෙන සිවාජි පසුව බැංගලෝර් ප්‍රවාහන ආයතනයේ බස් කොන්දොස්තර කෙනෙක් ලෙස සේවය කොට තිබෙනවා.
රැකියාව කරන අතර වාරයේ කන්නඩ නාට්‍ය වල රඟපාන ඔහු මැඩ්‍රාස් චිත්‍රපට ආයතනයේ පාඨමාලාවක් සඳහා අයදුම් කරනවා. එහිදී ඔහුගේ හැකියා දකින කේ බාලචන්ද්‍රන් නම් අධ්‍යක්ෂක වරයා ඔහු සමඟ 1975 දී අපූර්වා රංගල් (Apporva Raagangal) චිත්‍රපටය තිරගත කරනවා. එය ඔහුගේ ප්‍රථම චිත්‍රපටයයි. ඒ වනවිටත් දමිළ සිනමාවේ පතාකයෙක් වූ සිවාජි ගනේෂන් ගේ නමට සමාන නමක් ඔහුට තිබීම නිසා කේ බාලචන්ද්‍රන් විසින් තමන්ගේ පෙර චිත්‍රපටයක සිටි චරිතයක නමක් වූ 'රජ්නිකාන්ත්' යන්න ඔහුට ආදේශ කරන්නේ සිවාජි ගනේෂන් සමඟ පටලවා ගැනීම වැළැක්වීමටයි.

එතනින් පටන් ගන්නා රජිනිගේ සිනමා ගමන දමිළ සිනමාවේ සුපිරි තරුව (super star) යන විරුදාවලිය ලැබීම දක්වා ගමන් කරන්නක්.
ඔහු සිනමාවට එක් කල අපූරු විලාසිතා වන සිගරැට්ටුව කටට විසි කිරීම, දැල්වීම, කකුලක් උඩ කකුලක් දමා නැවත එය මාරු කර දැමීම, කන්නාඩිය දැමිම වැනි මේ දේවල් ඉතාම කුඩා දේවල් වුනත් අයිකනින් විදිහට ඒ දේවල් රැජිනි කරනවා.. බොහොමයක් නළුවො අද ඒව අනුගමනය කරනවා.
- දමිළ, කන්නඩ, මරාටි, තෙළිඟු, මලයාලම්, හිංදි විතරක් නෙවේ හොලිවුඩ් චිත්‍රපටයකත් (Blood stone) රජිනි ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා..
- 2007 සිවාජි චිත්‍රපටය සඳහා එවකට ඉන්දීය නළුවෙක් අය කරනු ලැබූ විශාලම මුදල රජිනි අය කරනවා..
- ඔහු සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මාන වන පද්ම භූෂණ හා පද්ම විභූෂන සම්මාන ලැබූවෙක්.
- දමිළ සිනමාවෙ සුපිරි තරුව වුනත් ඔහුට දමිළ ලියන්න බැහැ..
- 2016 කබාලි නිකුත් විම වෙනුවෙන් ඉන්දීය රජය එදින රජයේ නිවාඩු දිනයක් කලා..
- කළු සුදු, වර්ණ, 3D යන තුන් ආකාරයක චිත්‍රපට වල රඟපෑ එකම පුද්ගලයා ඔහු.
ඉන්දියානු සිනමාවට කිසිදු පූර්ව සම්බන්ධයක් නැතිව පැමිණිලා ඉන්දියානු සිනමාවේ පමණක් නොව ලෝකයේම ජනප්‍රියත්වයට පත්වූ දෙදෙනෙක් නම් කරන්න පුළුවන්. එක්කෙනෙක් බොලිවුඩ් රජු ශාරුක් ඛාන්. අනික් කෙනා කොලිවුඩ් සුපර්ස්ටාර් රජිනිකාන්ත්.
ඉතින් මේ වන විට වයස අවුරුදු 75 ක් වන මේ සුපිරි තරුව අද සිට ලෝකේෂ් කනගරාජ් සමග සිය 171 වන චිත්‍රපටය වන ‘coolie’ සමග ලොව පුරා ගමන් කරන්නට සූදානම්.

















