lan englan tam

ඉතින් ඔබ ම යි රම්‍ය සඳ කිරණ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතියේ යශෝරාවය මැයෙන් සම්භාවනාවට පාත්‍රව සිටින ප්‍රවීණ ගායන ශිල්පිනී අචාර්ය නන්දා මාලිනියට උපහාර පුද කරමින් ප්‍රසාද ප්‍රණාම උළෙලක් අද (22) පෙරවරුවේ ජාතික ගුවන් විදුලි සංස්ථාවේදී සංවිධානය කොට තිබුණි.

මීට සමගමීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කිරීම සහ ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ ඇයගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු වුයේ නන්දා මාලිනියට උත්තමාචාරය පුද කරමිනි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන අය එක් වූ අතර, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ රැසක් ද සහභාගී වූවා.

 

නන්දා මාලිනියට උපහාර පුද කළ අද දිනයේ ඇය පිළිබඳව අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සිය මුහුණු පොතට එක් කර තිබූ  හෘදයාංගම සටහනක් අපට දක්නට ලැබුණා.

මතු දැක්වෙන්නේ එම හෘදයාංගම සටහනයි.

(උපුටා ගැනීම)

හදවත් වීණාවේ මධුරතම තත
 
අපි වාසනාවන්ත වුණා. කවදා හරි මෙහෙම කිව්වහැකි. ඔබ දිවමන් ව සිටි කලෙක අපිදු ජීවත් වුණෙමු ..කියලා.
අපේ නන්දක්කා. දීර්ඝායු ඔබට.
දෙවියනේ...ඒ ගීතාවලිය.
80 දශකයේ. තාත්තගේ කෑලි තුනේ ටෝච් එකෙන් බැටරි පන්නලා කැසට් රෙකෝඩරේ දාලා පවන ඇහුවෙ. 90 දශකයේ. ඔයාගේ අතේ එල්ලිලා අපි හිටියෙ. නලමුදු සුවඳ...කසගස් සන්ධ්යාව...ජපුර මතකය.
.... අප මැරුණු කල අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්ර දේශයක කාලයක
අප වෙතින් පලා ගිය මධුර ගී....
ඔන්න ඒ කාලය ඇවිත්. ඔබ ම ගැයූ පිළිම නෙළා නැති විරුවන් සිහි කරමින්....මළ සොයුරන් සිහි කරමින්..අපි ඒ ගමන යනවා.
 
ඉතිං ඔබ ම යි රම්ය සඳ කිරණ.
 

536268018 3223136451175905 2221351788840313846 n

536276237 3223136504509233 6132863170066686252 n

514348793 3223136507842566 3652760897004266220 n

536278171 3223136534509230 1625267995760875271 n

 

kemadasa

shungara

Back to top
Go to bottom