'හෙරිඩෙටරි' ( Hereditory) , 'මිඩ්සොමර්' (Midsommar) වගේ විශිෂ්ට ගණයේ හොරර් (horror) චිත්‍රපට හදපු 'ඇරී ඇස්ටර්' විසින් 'එඩින්ටන්' (Eddington) කියලා බ්ලැක් - කොමඩ් ෆිල්මි එකක් හදලා තියෙනවා.
'එඩින්ටන්' ෆිල්ම් එක මට ටිකක් බරට දැනුන චිත්‍රපටයක්. ෆිල්මි එක එක පැත්තකින් දේශපාලනය සහ සිවිල් වැසියන්ගේ හැසිරීමි ගැන පෙන්වන කොමිඩ් ෆිල්මි එකක්. මේ ෆිල්මි එකේ තියෙන්නේ අපි ගැනමයි. මිනිස්සු ජීවිතයේ දී කරන වැරදි වැඩවලට ආපසු පෙරළා තමන්ට පාරා වළල්ලක් වෙලා එන හැටි ගැන කියවෙන චිත්‍රපටයක්. හරියට මේ දවස්වල රනිල් වික්‍රමසිංහට වෙලා තියෙනවා වගේ. එයා හොඳ දේවල් කරලා තියෙනවා තමයි. හැබැයි එයා කරපු වැරදිවලටත් ඔන්න දැන් දඬුවම් ලැබිලා. ඒ නිසා ම 'එඩින්ටන්' මිනිසා කරන ඇතැම් වැරදිවලට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙන හැටි ගැන කියවෙන චිත්‍රපටයක්.

චිත්‍රපටයේ අපිට හම්බවෙන කතා නායකයා තමයි ජෝ ක්‍රොස්. ජෝ ක්‍රොස් කියන්නේ ෂෙරිෆ්වරයෙක්. ෂෙරිෆ්වරයෙක් කියන්නේ ලංකාවෙි පොලිස්කාරයෙක් වගේ තනතුරක්. මෙයා ටිකක් හිතුවක්කාර චරිතයක්. කෝව්ඩ් තත්ත්වය යටතේ හැමෝටම මුඛ ආවරණ පළදින්න කියලා අනිවාර්ය කරලා තියෙද්දිත් ජෝ කරන්නේ ඒ නීතිය කඩලා දාලා මුඛ ආවරණ දාන්නේ නැතිව රාජකාරි කරන එක. එයා තුට්ටුවකටවත් ඒක මායිම් කරන්නේ නෑ. එයාගේ තර්කය වෙන්නේ මුඛ ආවරණ දැමිමාම එයාට හුස්ම ගන්න අමාරුයි කියන එක. තව එයා කියනවා එඩින්ටන්වල කෝව්ඩ් වසංගත තත්ත්වයක් නෑ කියලත්. හැබැයි ජෝ නරක පුද්ගලයෙකුත් නෙමෙයි චිත්‍රපටය මුලින්ම අපිට පෙන්නවා. එයා මිනිස්සුන්නට බඩුත් අරන් දෙනවා. චිත්‍රපටයේ එක තැනක සුපර්මාර්කට් එකෙන් බඩු අරගෙන මනුස්සයෙක්ට දෙනවා මේ ටික ගෙදර ගෙනියන්න කියලා.
(පූර්ව ප්‍රචාරක පටය නරඹන්න මෙතනින්)>>
මේ අතරේ ටෙඩ් ගාර්ෂියා කියලා මනුස්සයෙක් 'එඩින්ටන්' ප්‍රාන්තයෙන් නගරාධිපති ජන්දයට ඉදිරිපත් වෙනවා. මෙයාගේ ප්‍රධාන ජන්ද පොරොන්දු අතර ඉහළින්ම තියෙන්නේ පරිසර හිතකාමී බලශක්ති පද්ධතියක් හදන එකයි කෝව්ඩ් 19 වසංගතය තුරන් කරලා මිනිසුන්ට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්.
මේ අදහස බැලු බැල්මට ජන්ද දායකයා රවටන්න බොරුවක් කියලා ජෝ තර්ක කරනවා. ඒ නිසා ජෝ කරන්නේ නගරාධිපති ජන්දයට ඉදිරිපත් වෙනවා. ජෝ සහ ටෙඩ් අතර තියෙන්නේ සීතල යුද්ධයක්. ඒ සීතල යුද්ධය ලෝක යුද්ධයක් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. ජෝගේ බලයට තියෙන කෑදරකමයි, ටෙඩි කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව නිසා මේක නොහිතපු තැනකින් පුපුරලා යනවා. චිත්‍රපටය අවසන් වෙන්නේ උත්ප්‍රාසාත්ක සටහනකින්. ජෝ ක්‍රොස් අබ්බගාතයකු විදියට ශරීරය අක්‍රිය වෙලා රෝද පුටුවකට මුළු ජීවිත කාලයම කැප කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අර අසම්පූර්ණව පල දෙන කර්මය.

අනෙක් පසින් නගරයේ දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඇස්ටර් විසින් මේ ෆිල්මි එකෙන් වැදගත් අදහසක් අපිට කියන්න උත්සාහ කරනවා ඒ. ඉන්ටර්නේට් එහෙමත් නැත්නම් අන්තර්ජාලය ආයුධයක් සහ සමාජ බෙදීමේ බලවේගයක් විදියට ක්‍රියා කරනවා කියලා. දත්ත යුගයක වාසය කරන, අපේ සීතිමේ ක්‍රියාවලිය මුළුමනින්ම පාහේ වෙනස් කරලා තියෙන අන්තර්ජාලය හරහා නොකඩවා බෙදා හරින දත්ත විසින්. මේ දත්ත විසින් ගෙන එන යථාර්ථය විකෘති කරනවා. සත්‍ය වසන් කරලා බොරුව පැතිරෙනවා.

ජෝ ක්‍රොස්ගේ චරිතය නිරූපණය කරන්නේ වකීන් ෆිනික්ස් (Joaquin Phoenix) කියන විශිෂ්ට නළුවා. ඔහු මේ චිත්‍රපටයේ කරන රඟපෑම අවධානය දිනා ගන්නා සම්මානනීය රංගනයක්. 'එඩින්ටන්' කියන්නේ මෙි අවුරුද්දදේ Drama - Crime ශානරය යටතේ හොලිවුඩ්වලින් බලපු හොඳම චිත්‍රපටයක්.

සටහන - මලින්ත විතානගේ
(මෙම ලිපිය 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















