lan englan tam

'ළමා මුහුණක් ඇති නචා' ලෙස සිංහලයට පරිවර්තනය වූ “Ne Zha”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ නාමය ගැන ඒ කාලෙදිම කතාබහක් ඇතිවෙන්නට ඇති. ඒත් 2019 දි රිලීස් වෙච්ච 'Ne Zha' චීන ඇනිමේෂන් චිත්‍රපටය ගැන මම උනන්දු වෙන්නේ මෙහි දෙවැන්න විසින් මේ වසරේදී පෑ පෙළහර නිසාමයි.

 

MV5BYjIyMDc3ZmQtZTQyYy00NDhhLTlmMWEtYzM3MDYwNjRmY2NkXkEyXkFqcGc. V1 FMjpg UX1000 'Ne Zha 2' (2025) ඇනිමේෂන් චිත්‍රපටයේ පෝස්ටරයක්

 

Highest-grossing animated movie of all time විදිහට 'Ne Zha 2' (2025) කිරුළු පළඳිනවා. හොලිවුඩ් නොවන සහ ඉංග්‍රීසි භාෂාවෙන් සමන්විත නොවන ඇනිමේෂන් චිත්‍රපටයක් අති දැවන්ත ලෙස කමර්ෂලි සක්සස් වෙන එක පෙළහරක්ම තමා. තවත් පැත්තකින් සමස්ත චීන සිනමා කර්මාන්තයම ලැබූ ජයග්‍රහණයක් ද වනවා. වාර්තා නම් එමටයි. ඒ ඉතින් නිර්මාණයේ ගුණාත්මක බව නිසාමයි.

Ne Zha ඇත්තටම මට හමුවෙන්නෙ මම කුඩා කලදීමයි. චීන පින්තූර කතා පොත්වලට ලොකු ඇල්මක් දක්වපු නිසාම ඒ කාලේ ආපු ඒ පොත් සෙට් එකම මගෙ ළඟ තිබුණා. ඉන් වඩාත්ම ප්‍රිය කළේ වානර රජ ඉන්නා "දෙව්ලොව කලබල" කතාන්දරයටයි. අදටත් මගේ ප්‍රියතම කාටූන් චරිතයයි.

දෙව්ලොවට මහාම මහා හිසරදයක් වෙලා තියෙන මේ මුරණ්ඩු වානරයව පාලනය කරන්න දෙව්ලොවෙන් ව්විධාකාර ශූරයොන්ව එව්වා. කාටවත් බැරිවුණා වානර රජ ව මෙල්ල කරන්නට. ඒ ආපු අය අතරින් කෙනෙක් තමයි Ne Zha. සිංහලෙන් පරිවර්තනය වෙලා තිබුණේ "නචා" කියලා. එහෙමත් නැත්නම් "ළමා මුහුණක් ඇති නචා" කියලයි. අනපේක්ෂිත විදිහට මම ඒ චරිතයට සෑහෙන්න ආකර්ෂණය වුණා.

maxresdefault 14

 

එයා දෙවි කෙනෙක්. හැබැයි කුඩා දරුවෙක්. නපුරු මුහුණක් සහිත නමුත් අලංකාර ස්වරූපයක් සතුයි. ගිනි ගෙන දැවෙන වළලු දෙකක් මත නැගිලායි සටන් කරන්නේ. වානර රජ ට ත් සෑහෙන අසීරු සටනක් කරන්න වෙනවා නචා ව පරද්දන්නටත්. ඒකෙන් කියවෙන්නේ Ne Zha කියන්නේ එසේ මෙසේ පුතයෙක් නොවන බවයි.

එතකොට ඒ නචා ම තමා මේ Ne Zha. එයාගෙ ඔරිජින් ස්ටෝරි එක. මතක විදිහට එයාගෙ සෝලෝ චීන පින්තූර කතන්දර පොතකුත් තිබුණා. කොහොම නමුත් මේ නවමු ඇනිමේෂන් චිත්‍රපටය ඔස්සේ අපිට පුලුවන් මේ පුරාතන චීන දෙවිවරුන්ගේ විශ්වය තුළ උපත ලද සුවිශේෂි පෙරළිකාර වීරයෙකුගෙ epic saga එකක් එක්ක එකාත්මික වන්නට. කතා පොතෙන් දුටු සුන්දර පෙනුම අසුන්දර කරලා එයාට යක්ෂ ආත්මයක් ආරූඪ වෙලා නිසා.

Ne Zha (2019) ඇනිමේෂන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න>>

 

මේ සටහනින් කෙරෙන්නේ හුදු හැඳින්වීමක් පමණයි. Ne Zha 2 (2025) චිත්‍රපටය ගැන කෙරෙන වෙනම සටහනකින් මේ චරිතයේ ඇතුළාන්තය ගැන ඇතුළුව වැඩි විස්තරයක් සඳහන් කරන්නම්. එතෙක් මතකයේ තියාගන්නට අවශ්‍ය වෙන්නේ මේක අනිවාර්‍යයෙන්ම නැරඹිය යුත්තක් කියලයි.

ගොඩක් වෙලාවට මම වෙන්නත් පුලුවන් මේක මෑතකදී බලන්නෙත්. ගොඩ දෙනෙක් දැනටමත් බලල ඇති, විස්තර කොහොමත් දන්නවත් ඇති. අදාළ වසරේදි ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් Best International Feature Film කාණ්ඩයට චීනයෙන් ඉදිරිපත් කරල තියෙන්නෙත් මේකමයි. නොමිනේට් වෙන්නට නම් නොහැකි වුණා. හැබැයි චීන ඇනිමේෂන් සිනමා කර්මාන්තයට වසන්තය ගෙන ආවා.

 

සටහන - ලක්ෂ්මන් අරංවල

සිනමාවේදීන් - The Cinema People

(මෙම සටහන 'Luckshman Aranwala' මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී) 

kemadasa

shungara

Back to top
Go to bottom