lan englan tam

ටේලර් ස්විෆ්ට් සමග විවාහ ගිවිස ගත් කවුද මේ ට්‍රැවිස් කෙල්ස් කියන්නේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"Tayvis", "Traylor", "Swelce" හෝ "TNT" යන නම් ගැන ඔබ අසා තිබෙනවාද?

ඔබේ ප්‍රේම සම්බන්ධතාවට ඉන්ටර්නෙට්හි ජනප්‍රිය අන්වර්ථ නාම කිහිපයක් ඇත්නම් ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව ඔබ දන්නවා ද?

Tay-Tay සහ ට්‍රැවිස් 2023 සැප්තැම්බර් මාසයේ සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යති.

ඔහු බොහෝවිට ඇයගේ සංදර්ශනවලට පැමිණ ඇයට සහය වනු දැකිය හැකි යි. පසුගිය වසරේ ඔහු විශේෂ දෙයක් කළ අතර ඇයගේ Eras සංචාරය අතරතුර ඔහු ඇය සමග වේදිකාවට ගොඩ විය.

ටේලර් ද බොහෝ විට වැදගත් සිදුවීම්වලදී තම පෙම්වතාට සහය දැක්වීමට පැමිණ තිබේ. පසුගිය වසරේ, ඇය ඇමරිකාවේ විශාලතම වාර්ෂික ක්‍රීඩා උත්සවයක් වන Super Bowl ක්‍රීඩා උළෙලේදී ඔහු ක්‍රීඩා කරන අයුරු නැරඹීමට ලාස් වේගාස් වෙත පැමිණියා ය.

ඔහු American Football ක්‍රීඩකයෙකි

 

1e2de730 dd7d 11ef 848f 998d0175b76f.jpgට්‍රැවිස් කෙල්ස් කැන්සාස් සිටි චීෆ්ස් වෙනුවෙන් ක්‍රීඩා කරයි

 

ට්‍රැවිස් කෙල්ස් ඇමෙරිකා ජාතික පාපන්දු ලීගයේදී (NFL) Kansas City Chiefs කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ඔහු අවස්ථා තුනකදී Super Bowl ශූරතාව දිනා ගැනීමට කණ්ඩායමට සහය විය.

කෙල්ස් පන්දුව ඉදිරියට ගෙන යාමට සහ ටච් ඩවුන් ලකුණු කිරීමට උත්සහ කරන කණ්ඩායමේ ප්‍රහාරක ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු ලෙස අවසාන කලාපයේ ක්‍රීඩා කරයි.

මේ සියලු ක්‍රීඩා ජයග්‍රහණවලින් අදහස් වන්නේ ඔහු හොඳ වැටුපක් ලබන බව යන්න පුදුමයක් නොවේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ට්‍රැවිස් ඔහුට වාර්ෂිකව ඩොලර් මිලියන 17ක් ගෙවන කොන්ත්‍රාත්තුවක දිගුවක් සඳහා අත්සන් තැබී ය.

ඔහුගේ පෞද්ගලික ධනය ඩොලර් මිලියන 70ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ.

 

ඔහුට ප්‍රසිද්ධ සහෝදරයෙක් සිටියි

 

8565da70 dd7d 11ef 902e cf9b84dc1357.jpgට්‍රැවිස් සහ ජේසන් කෙල්ස්

 

ට්‍රැවිස් යනු කෙල්ස් පවුලේ සිටින එක ම ප්‍රසිද්ධ ක්‍රීඩා තරුව නොවේ.

ඔහුට ජේසන් නම් වැඩිමහල් සොහොයුරෙක් සිටියි. ඔහු සුප්‍රසිද්ධ American football ක්‍රීඩකයෙකි. ජේසන් පසුගිය වසරේ ක්‍රීඩාවෙන් සමුගත්තේ ය.

ට්‍රැවිස් මෙන් ම ජේසන් ද Super Bowl ශූරතාවක් ජයග්‍රහණය කර තිබේ.

ඔවුන් දෙදෙනා Super Bowl 57 වන අදියරේදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, එම තරගයේ එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ පළමු සහෝදර‍යන් බවට පත්වූහ.

සහෝදරයින් දෙදෙනා ම ප්‍රහාරක ක්‍රීඩකයන් වන බැවින් ඔවුන් කිසිදු අවස්ථාවකදී එක ම වේලාවක පිටියේ නොසිටි අතර තරගයෙන් ට්‍රැවිස්ගේ කණ්ඩායම ජයග්‍රහණය ලැබී ය.

2022 දී, ඔවුන් නව ගමන් මාර්ගයක් ආරම්භ කළ අතර එය ප්‍රකට New Heights පොඩ්කාස්ට් වැඩසටහන යි.

එම නම යෙදීමට හේතු පාදක වී ඇත්තේ,ඔවුන් කුඩා කළ හැදී වැඩුණු ඔහියෝහි ක්ලීව්ලන්ඩ්හි උපනගරය වන ක්ලීව්ලන්ඩ් හයිට්ස් යන්න ය.

ටේලර් මෑතකදී ඇගේ 12 වන ඇල්බමය වන ''The Life of a Showgirl'' මෙම වසරේ ඔක්තෝබර් 3 වන දින නිකුත් කරන බව පැවසුවේ, පොඩ්කාස්ට් වැඩසටහන ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවක් ඔස්සේ යි.

 

ඔහු සුරතල් සුනඛයින්ගේ හිමිකරුවෙකි

 

80934e50 dd7e 11ef bc01 8f2c83dad217.jpgට්‍රැවිස් කෙල්ස් සහ ඔහුගේ සුනඛයන් වන චෞන්සි සහ රැම්බෝ

 

සිය සිව් පා මිත්‍රයින්ගේ ඡායාරූප ඉන්ටර්නෙට්හි පළ කිරීමට ඔහු දැඩි කැමැත්තක් දක්වයි.

ඔහුට සුනඛයින් දෙදෙනෙක් සිටියි : එක් සුනඛයෙකු චෞන්සි නමින් හැඳින්වෙන පොම්ස්කි වර්ගයේ සුනඛයෙකු වන අතර අනෙකා රැම්බෝ නමින් හැඳින්වෙන ගෝල්ඩන්ඩූඩ්ල් වර්ගයේ සුනඛයෙකි.

ට්‍රැවිස් කෙල්ස් #87

 

0bcdf6c0 de1d 11ef 902e cf9b84dc1357.jpgට්‍රැවිස් තම සහෝදරයාට උපහාරයක් ලෙස අංක 87 මුද්‍රණය කළ ටී ෂර්ට් එකක් අඳියි

 

ඔවුන් පිටියේ ප්‍රතිවාදීන් විය හැකි වුව ද, පිටියෙන් පිටත ට්‍රැවිස් සහ ජේසන් අතර කිසිදු ප්‍රතිවාදීත්වයක් (Bad Blood) නොමැත. (Bad Blood - ටේලර් ස්විෆ්ට්ගේ තවත් ගීතයකි)

සැබැවින් ම ට්‍රැවිස්ගේ ටී ෂර්ට් අංකය ඔහුගේ සහෝදරයාට උපහාරයකි: ඔහු Kansas City Chiefs කණ්ඩායම සමග ක්‍රීඩා කරන වෘත්තීය දිවිය තුළ අංක 87 ඇතුළත් ටී ෂර්ටයෙන් සැරසී සිටියි. එය ඔහුගේ සොහොයුරා වන ජේසන් උපන් වර්ෂය යි.

NFL සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රැවිස් ප්‍රකාශ කළේ, "කෙල්ස් ප්‍රතිරූපයක් නිර්මාණය වුණා නම්, සහෝදරයන් දෙදෙනෙකු NFL වෙත පැමිණියේ නම්, ඒ සියල්ල ආරම්භ වූයේ 1987 දී යි. ඒ, ඔහුගේ වැඩිමහල් සහෝදරයා 1987 දී උපත ලැබූ නිස යි'' යනුවෙනි.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය සෑම විට ම එසේ වී තිබුණේ නැත.

ට්‍රැවිස් සිය ළමා කාලය සිහිපත් කරමින් පවසන්නේ, වරක් සිය වැඩිමහල් සහෝදරයා ඔවුන්ගේ නිවසේ විසිත්ත කාමරයේ ලී පොළවේ සිදුරක් සෑදෙන අයුරින් තමාව ඔසවා බිම හෙළූ බව ය.

එම ක්‍රියාව කිසිවෙකුගේ ඇස නොගැටීම සඳහා ඔවුන් වහා ම එම සිදුර සෝෆාවෙන් ආවරණය කර තිබිණි.

ඔවුන්ගෙන් නිතර අසනු ලැබු ප්‍රශ්නයක් වූයේ කුඩා කාලයේ වැඩිපුර ම සටන් දිනුවේ කවුද? යන්නයි.

"ජේසන් එක සටනක් හැර අනෙක් සියලු ම සටන් දිනුවා - ඒක තමයි අන්තිම එක!" ට්‍රැවිස් පැවසීය. ''ඒකට පස්සේ එයා මාත් එක්ක රණ්ඩු කරන එක නැවැත්තුවා."

 

මෙම සටහන BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී

kemadasa

shungara

Back to top
Go to bottom