lan englan tam

“ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්” බලන්න ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් අපූරු සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දිනවල ඉතා  ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන ගායනවේදී කැලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබුණා.

තේජා ඉද්දමල්ගොඩ අධයක්ෂණය කළ මෙම චිත්‍රපටය නැරඹීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැලැරන්ස් විජේවර්ධන පිළිබඳව සිය අතීත මතකයන්ද එක් කරමින් අපූරු සටහනක් ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා එක් කර තිබුණා.

මතු දැක්වෙන්නේ එම සටහනයි.

 

(උපුටා ගැනීම)

ක්ලැරන්ස් යනු මා සමකාලීනයෙකි. අපි තරුණ වියේදී වෙනස්ම අනන්‍යතාවයකින් යුතු ක්ලැරන්ස්ගේ ගීත අතිශය ප්‍රිය කළෙමු. ගීතය එක වරක් ඇසූ පමණින් එහි සංගීත වාදනය ක්ලැරන්ස්ගේ බව කීමට හැකි අනන්‍යතාවයක් එහි අන්තර්ගත වී තිබුණි. සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශනය ඉතා සරළය. විදුළි ගිටාරය මූලික කර ගනු ලැබූ සංගීත නිර්මාණයත්, බෙහෙවින් සරළ බස්වහරත් එකල තරුණ තරුණියන් විසින් ආදරයෙන් වැළඳ ගන්නා ලදී.

පසු කාලීන පරම්පරාවන් ද එම ශෛලියට ඇළුම් කිරීම ක්ලැරන්ස්ගේ විශේෂත්වයයි. ක්ලැරන්ස් යනු සැමදා ජීවත්වන මිනිසුන් සිටිනා බවට තවත් එක් උදාහරණයක් යැයි මට සිතේ. අපේ පරම්පරාව නියෝජනය කරන ක්ලැරන්ස් බොහෝ පරම්පරා විසින් අයිති කර ගෙන සිටීම එයට හේතුවයි.

එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ ''සිකුරුලියා'' චිත්‍රපටය තිරගත වූයේ මා දේශපාලනයට පිවිසි මුල් කාලයේය. එවකට මා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ක්ලැරන්ස් චිත්‍රපට සංගීතයට පිවිසියේ මෙම චිත්‍රපටියෙනි. එම චිත්‍රපටයෙහි ඔහු සාදයක වාදනයේ යෙදෙන රංගන දර්ශනය මා මතකයේ පැවති අතර චිත්‍රපටය නැරඹීමෙන් එම මතකය නැවතත් අවදි විය. පසුකාලීනව ක්ලැරන්ස් හා මා කිහිපවරක් විවාහ උත්සව සහ විවිධ අවස්ථාවන් කිහිපයක දී හමුවී ඇත. ජනප්‍රියත්වයේ උපරිමයට පැමිණ සිටි එම කාල වකවානුව තුළ පවා හමුවන සෑම අවස්ථාවකම අසලට පැමිණ කතාබස් කර සුව දුක් විමසීමට තරම් ඔහු නිහතමානී මෙන්න ලෙංගතු චරිතයක් වූයේය.

ශ්‍රී ලාංකික පොප් සංගීතයේ පියා ලෙස නම් කර ඇති ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීත දිවිය පදනම් කර ගනිමින් තුසිත විජයසේන මහතා විසින් නිෂ්පාදනය කරන ලද සහ සුරේෂ් මාළියද්ද මහතා විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලද “ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටය මම ද බිරිඳ ශිරන්ති ද ඉතා කැමැත්තෙන් නැරඹුවෙමු .

මෙම චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වන විට එය අධ්‍යක්ෂණය කරන ලද තේජා ඉද්දමල්ගොඩ මහතා අප අතර නොමැති වීම කණගාටුවට කරුණකි. ක්ලැරන්ස්ගේ සහ ඇනස්ලි මාලෙවනගේ චරිත නිරූපණයන් ඉදිරිපත් කරනු ලබන දමිත් විජේතුංග සහ සාරංග දිසාසේකර ප්‍රධාන සියලු නළු නිළියන්ගේ රංගනයන් හේතුවෙන් අප නැවත ක්ලැරන්ස් සමඟ පැය කිහිපයක් ජීවත් වූ බව කිව යුතුය. අප අතීතයේ ආසාවෙන් නැරඹූ “ත්‍රී සිස්ටර්ස්” කණ්ඩායමේ දිවංගත මල්ලිකා පෙරේරා ගායන ශිල්පිනිය මෙන්ම ඉන්ද්‍රානි සහ අයිරාංගනී පෙරේරා ගායන ශිල්පිනියන් ද ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ හා ආදරණීය දියණිය ද සිහිපත් කරමින් චිත්‍රපටයට සම්බන්ධ වූ සෑම දෙනාටම සුබ පැතුම් එක් කරමි.

 

540984251 1304248141067378 2465679387345056934 n

539989441 1304248007734058 2387347239858579530 n

540085092 1304248301067362 4237736533272493767 n

540964195 1304248197734039 8387594012422614732 n

kemadasa

shungara

Back to top
Go to bottom