lan englan tam

“ඇත්තටම ඊයේ රෑ මම ලැබූ ඒ සතුට ගැන කියන්න වචන නැහැ" - මල්කාන්ති නන්දසිරි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරි මහත්මියගේ ජීවන ගමනේ සුවිසෙස් උපන් දිනයක් යෙදී තිබුණේ පසුගියදායි.

මෙය නිමිති කොට ගෙන එදින පස්වරුවේ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරි වෙනුවෙන් දියණිය අනුරාධා සහ නැගණිය නිරංජලා ද එක්ව ඇඹුල්දෙණිය EMBU අවන්හල් පරිශ්‍රයේදී ඇය වෙනුවෙන් අපූර්ව උපන්දින සාදයක් සංවිධානය කිරීමට කටයුතු කර තිබුණා.

මෙහි විශේෂත්වය වූයේ මල්කාන්ති නන්දසිරි මහත්මිය මීට සහභාගී වූයේ මේ පිළිබඳව කිසිවක් නොදැන වීමයි.

ඉතින්, බලාපොරොත්තු නොවූ අපූර්ව උපන්දින සාදය නිසා ඈ ඉතා සතුටට පත් වූ අතර විටෙක සිනහවෙන්ද විටෙක කඳුළින්ද මුව සරසාගෙන ඇය ඊට එක්වූ අතර එය ඉතා සොදුරු මොහොතක් බවට පත් වූවා.

මේ සතුටු දායක මොතොත අපේ ප්‍රවීණ ගායනවේදිනිය වචන බවට පත් කලේ මෙහෙමයි

“ඇත්තටම ඊයේ රැ මම ලැබූ ඒ් සතුට ගැන කියන්න වචන නැහැ. ඒ් තරමටම මට සතුටුයි.!

සාමාන්‍යයෙන් මම හැම උපන් දිනය දවසට උදෙන්ම පල්ලි ගිහින් හවසට පන්සල් යනවා.. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා (මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි) ජීවත්ව සිටි කාලයේත් මම හැමදාම එහෙම කළා. ඉතින් ඊයෙත් ඒ් විදියටම කළා.

ඉතින් ඊයේ උදේ මම පල්ලි ගිහින් ඒ් වත් පිළිවෙත් කළා. ඒ්ත් ඒ් යද්දි ෆාදර් හිටියේ නැහැ. ඉතින් සවස ආපහු පල්ලියට ගිහින් ෆාදර් හමුවෙලා ආශිර්වාද ලබාගෙන ඊළගට පන්සලට ගියා. එතැනදිත් මට ලොකු හාමුදුරුවෝ වගේම පොඩි හාමුදුරුවො සෙත් පැතුවා. මම මල් පහන් තියලා, බුදුන් වැදලා ඒ් ආශිර්වාදයත් බලා ගත්තා. ඒ් වෙලාවේ එතැනට ඇවිත් හිටපු ගායක ගායිකාවො හැමෝමත් මට සුබ පැතුවා.

ඒ්ක ඉතින් ඉවර වුණා කියමුකෝ. ඔන්න ඊට පස්සේ එක පාරටම එතැනට නිරංජලා නංගි ආවා. ඇවිත් ‘මාත් එක්කත් කොහේ හරි යමුකො කියල, වාහනයට මාව නග්ග ගත්තා. ඔහොම ගිහින් ඉතින් ලස්සනම ලස්සන හෝටලයක් ළග නතර වුණා කියමුකෝ.

ගිහින් ඇතුළට ගියාට පස්සේ තමයි මට අදහාගන්න බැරි වුණේ. මෙන්න බොලේ උදේ ඉදන් මට සුබ පැතූ මගේ නැදෑයෝ හැමෝම එතැන ඉන්නවා. මට මේක හිතා ගන්න බැහැ. ලොකු ‘බර්ත් ඩේ’ පාටි එකක්. මගේ දුවයි, නිරංජලා නංගිගෙයි මාව පුදුම කරවන්න තමයි රහසිගත විදියට මේක සංවිධානය කරල තියෙන්නේ

ඇත්තටම මම හුගාක් සතුටු වුණා. වයසක මට තෑගි හුගාක් ලැබුණා..මට හරිම සතුටුයි. ඒ් වගේම මහ රැ වෙනතුරු මා වෙනුවෙන් සිටි හැමෝටම ස්තූතියි.!”

 

540922187 1329627355832807 2182978251434835406 n

540952174 1329627442499465 6774917047420594227 n

540939823 1329629945832548 5755426761768311202 n

540935921 1329630325832510 6578783830091196828 n

540324465 1329630539165822 6792176309392964731 n

540957057 1329630815832461 2421921935602884428 n

540904514 1329630705832472 8472439100424649115 n

541408336 1329630855832457 2184010398015983193 n

540938616 1329631552499054 633500507117837336 n

540925842 1329631349165741 820285259121622386 n

 

('Kalawama News' ෆේස්බුක් පිටුව ඇසුරිනි) 

kemadasa

shungara

Back to top
Go to bottom