-Pradeep Peiris -
අන්තෝනි මින්ග්හෙල්ලාගේ- “The English Patient “ (1996)

මට ඒක චිත්‍රපටියක් නෙවෙයි . සට සට ගාලා කඳුළු වැක්කෙරෙන දිගම දිග දුක්බරම කවි පන්තියක්.
සමහර මිනිස්සුන්ගෙ ඡිවිත තියෙනව පටන්ගැන්මත්, ගලායාමත්, අවසානයත් කදුලුවලින්ම අහවර වෙන. ඉතින් මට හිතුන ඒ වගේ කතාවක අවසානය ගැන විතරක්ම කියන්න.
(spoiler alert)
එංගලන්ත රාඡකීය භූ විද්‍යා සංගමයෙ ගවෙිශකයන්ට සිද්ධ වෙනව දෙවැනි මහා ලෝක යුද්ධය පටන් ගත්තු නිසා අප්‍රිකාවෙි සහරා කතාන්තරයේ සියලු ගවෙිෂනයන් නතර කරන්න. ඒ කණ්ඩායමෙි නායකය László Almásy තමයි 1933 දි ලෝක ප්‍රසිද්ධ සහරා ලෙන් බිතුසිතුවම Cave of Swimmers හොයාගත්තෙ. තම කණඩායමෙි ඔක්කොමල ගියාට පස්සෙ අල්මාසි නවතිනව තමන්ගෙ පෙමිවතිය කැතරිනා එයාව එක්කන් යන්න එනකන්. නමුත් කැතරිනා ආපු පුංචි ගුවන් යානය ඔහු අසලම කඩා වැටිල කුඩු පටිටමි වෙනව. කැතරිනාගේ කොදු ඇට පේලිය සහ මැනික් කටු වලින් කැඩුනු බිදුණු සිරුරත් ඔසවාගත්තු අල්මාසි ලෙන් ගුහාවක ඇයව නිදිකරවනව.

'' මෙි අහන්න කැතරිනා ඔයාගේ මුලු ඇගම කැඩිල බිදිල. මම පයින්ම ගිහිල්ල වාහනයක් හොයාගෙන එන්නමි ඔයාව එක්කන් යන්න. ඕනනම් දවස් 3 ක් යයි. එතකන් ඔයාට වතුර තියෙනව. කෑම තියෙනව. කලුවර නැතිවෙන්න ටෝචි එකක් තියෙනව.''
'' රත්තරනේ ඔයා මට පොරොන්දු වෙනවද මාව එක්කන් යන්න එනව කියල? මොකද මට කාන්තාරෙක මැරෙන්න බෑ. මම හැම තිස්සෙම හිතුවෙ මගේ මරණය වෙරළ අයිනෙ තියෙන මගේ ලස්සන ගෙදර තැනින් තැන මල් පිපුණු වත්තෙ මට ආදරය කරපු මිනස්සු එයාල ගීතිකා ගයමින් මාව වළ දමයි කියල ''
'' වස්තුවෙි මම පොරොන්දු වෙනව මිට පස්සෙ මම කවාදාවත් ඔයාව දාල යන්නෙ නෑ කියල. මම ආපහු එනකන් ඔයාට කියවන්න මගේ මුලු ඡිවිත කතාවම ලියපු පොත මම තියල යනව. ඔයාට හිතෙයි ඒක හෙරෝඩොටස්ගෙ ඉතිහාස කතාවක් වගේ කියල. හැබැයි ඒකෙ අලංකාරය තියෙන්නෙ ඔයා ඇදපු චිත්‍රවලයි ''
අවසාන සිපගැන්මත් එක්ක අපිට පේනව අල්මාසි පුංචි වතුර බෝතලයකුත් අතේ තියාගෙන කාන්තාරෙ මැද්දෙ දුවනව. මෙහෙම කියමින්.
'' අල්මාසි ඉක්මන් කරපන්. එයාට වතුර තියෙන්නෙ දවස් 3 කට විතරයි. ඉක්මන් කරපන් අල්මාසි උඹ පරක්කු වුනොත් උඹෙි වස්තුව මැරෙයි ''
අල්මාසි කාන්තාරය දවස් 3 ක් තිස්සෙ දුව දුව තරණය කලත් දෙවන ලෝක මහා යුද්ධය පටන් ගත්තු නිසා කාන්තාරය දිහාට ඇහැ ගහගෙන හිටපු මිත්‍ර හමුදාවට ඔහු කොටුවෙනව. කොචිචර කිවිවත් උන් අල්මාසි කියන එක ගණන් ගන්නෙ නෑ මොකද අල්මාසිට තියෙන්නෙ ඡර්මන් උචිචරණයක් සහිත හංගේරියානු නමක්. උන් හිතන්නෙ අල්මාසි ඡර්මන් ඔත්තු කාරයෙක් කියල. උන් මිනිහව හිර කූඩුවකට දානව. මෙි අතර කැතරීනා අර අදුරු ගුහාවෙ මියයමින් ඉන්නව.
එයා අවසාන ටෝචි එලියෙන් අල්මාසි දුන්නු පොතේ ඇය ඇදි සිතුවමි මත යමක් කුරුටු ගානව ඇගේ අප්‍රාණික අතින්. දුවිල්ල වැදිල ඒ මතින් කදුලු දහරා ගලාගිය පාරවල් පැහැදිලිව පේන විඩාපත් මුහුණෙන්.
'' මගේ වස්තුවෙි මම ඔයා එනකන් බලන් ඉන්නව. මට මැරෙන්න බෑ. ඒත් කලුවරේ ඉන්න කොට දවස හරි දිගයි. මට දැනෙන්නෙ ඔයා ගිහිල්ලා
හරියට අවුරුද්දක් වගේ. ඒ එක්කම මගේ මුලු ඇගම දවල්ට කරවෙන්න වෙිලෙනව. රාත්‍රියට ගල්වෙන්න සීතල වෙනව.. මට මතක් වෙනව මම ශරීරයට දා ගත්තු විවිධ රසයන්. ඒ එක්කම ඔයා මගේ ශරීරයට ඇතුල් වුනාට පස්සෙ මම විදි තෘප්තිමත් මොහොතවල්. ඊටත් පස්සෙ ගංගාවක් වගේ මගේ මනසට ගලාගෙන එනව අපි කරපු වැරදි. මොකද අල්මාසි මම අනුන්ගෙ ගෑණියෙක්. ඔයා ඒ බව දන්නව ඔයා දොයිය ගත්තෙ බබෝ ඔයාගෙ යාලුව පණ වගේ ආදරේ කරපු එයාගෙ ගෑණි එක්ක. ඒව හරියට මෙි අදුරු ගුහාව වගේම නීචයි. මට අඩි කීපයකට එහායින් තියෙනව ආලෝකය. ඒත් මට එතනට යන්න ශක්තිය ඉතිරිකරල නෑ මගේ ඉරණම. ඒක හරියටම පෘතුවියේ ආලෝකය දැක දැක අදුරෙ ඉන්න නියම කරල තියෙන අපේ සමහර මිනිස්සුනගෙ නියත දෛවය වගේ කෘෘරයි. මෙි ලෝකේ රටවල් කියන්නෙ සිතියමි වල ලකුණු කරපු සීමා මායිමිවත්, ඒව පාලනය කරපු බලවත් එවුන්ගෙ නමිවත් නෙවෙයි අල්මාසි. රටවල් කියන්නෙ අපි. මෙි ඔයා සහ මම. ආදරය කරන වෙිදනා විදින මෙි අපි ! .අපි මැරෙනව අල්මාසි ! අපි මැරෙන්නෙ අදුරෙ වෙන්න පුලුවන් ඒත් අපි මැරෙන්නෙ එකිනෙකා පුර්ණ ආදරය ලබපු තෘප්තිමත් මිනිස්සු විදිහටයි. අන්න ඒකයි වැදගත්ම දේ වස්තුවෙි ඊටත් වඩා මිනිහෙකුට තව මොනවද ඔනෙ. රත්තරනේ ''
කැතරිනාගේ ආදරණීය අල්මාසි නැවත කැතරිනාව හොයාගෙන කාන්තාරයට එනව අපිට පේනව. ඒත් එයා එනකොට එයාගෙ වස්තුව මැරිල. අල්මාසි ඉකි ගගහ අඩමින් මොනවදෝ තමන්ටම කියාගනිමින් ඇයව වඩාගෙන ඔහු අරන් ආපු අර පුංචි ගුවන් යානයේ විවෘත වා කවුලුවට හේත්තු වෙන්න ඇයව ඉදිරි අසුනෙ ඉන්දවනව. ඊට පස්සෙ අපිට පෙන්නනව පුංචි ගුවන් යානාව තුල ගුවනෙ ඇස් පියාගෙන යන කැතරිනාව. ඇගේ රන්වන් පාට කෙහෙරැලි හුළගට විසුරවමින් . හරියට එයා විනෝද චාරිකාවක් ගිහි්ල්ල මහන්සියට නින්ද ගිය සුරංගනාවියක් වගේ.
දන්නවද චිත්‍රපටිය පටන් ගන්නෙ අන්න ඒ දර්ශනයෙන්.
==================================
පසු සටහන .
ඔස්කාර් සමිමාන 09 ක් සහ තවත් ඡාත්‍යන්තර සමිමාන 47 ක් ගත්තු The English Patient චිත්‍රපටිය ලංකාවෙ ඉපදිලා දැන් කැනඩාවෙ පදිංචි වෙලා ඉන්න මයිකල් ඔන්ඩචිචි කියන ලේඛකයගෙ නවතාවක් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද්දක්. ඔස්කාර් සමිමාන 1997 හොදම සහාය නිළියට ලැබුනෙ ඒකෙ හැනාගෙ චරිතය කරපු ඡුලියටි බිනෝචෙිට වුනාට මට හිතෙන්නෙ ඒ සමිමානය ලැබෙන්නෙ තිබුනෙ ඒකෙ කැතරින් ක්ලිෆ්ටන් ගෙ චරිතය කරපු ක්‍රිස්ටීන් ස්කොටි තෝමස්ට. ඇය ඒ තරමට ඒකෙ විශිෂ්ඨයි. මෙික මගේ මතයක් විතරයි

සටහන - ප්‍රදීප් පීරිස්
(මෙම සටහන 'Pradeep Peiris' මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)
















