lan englan tam

සිනමාවට උදා වූ වසන්තය!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ දින වල ලාංකීය සිනමාව පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහසක් නම් නැවතත් සිනමාවට වසන්තය උදා වී ඇති බවයි.

මෙසේ කීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී අත්තේ මේ වන විට සිනමා ප්‍රේක්ෂකාගාරය තුළ චිත්‍රපට නැරඹීම සදහා නිර්මාණය වී ඇති නව උද්‍යෝගයයි.

‘රණි’, ‘නෙළුම් කුළුණ’, ‘වාලම්පූරි හෙවත් හීන හතහමාරක්’ වැනි චිත්‍රපට හරහා මෙසේ වර්ධනය වූ ප්‍රේක්ෂක ආකර්ෂණය මේ වන විට එහි ඉහළම තලයකට පැමිණ තිබෙනවා.

මෙහි විශේෂම තත්වය වන්නේ මේ දිනවල තිරගත වන ලාංකීය සිනමා නිර්මාණ කිහිපයකටම එකවර විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවී තිබීමයි.

එනම්,

'ආයු'

'මෝඩ තරිඳු'

'නීරා'

'මදර් ලංකා'  

යන චිත්‍රපට සියල්ලම මේ දින වල දිවයින පුරා සිනමා ශාලා වලදී අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වෙනවා.

ඉතින්, ප්‍රේක්ෂක ඔබට ළඟම සිනමා සිනමා ශාලාවේදී මෙම චිත්‍රපට සියල්ලම නැරඹීමට දැන් අවස්තාව උදා වී තිබෙන අතර, ඔබ තවමත් මේ චිත්‍රපට නැරඹුවේ නැත්නම් මේ චිත්‍රපට නරඹන්නට එක්වන මෙන් ආරාධනා කොට සිටිනවා.

මේ ඔක්තෝබර් මාසයේ තිරගත වන චිත්‍රපට ගැන වැඩිදුර කියවන්න පහත ලිපියෙන් >>

මේ ඔක්තෝම්බර් මාසයේ ඔබට නැරඹිය හැකි චිත්‍රපට මෙන්න!

kemadasa

shungara

Back to top
Go to bottom