-Malintha Vithanage-
මේ අවුරුද්දේ බලපු චිත්‍රපට අතරින් හොඳම ෆිල්ම් එකක් වෙන්න සියළුම කාරණා ''රූෆ්මෑන්'' ෆිල්ම් එකේ තිබුණා.
හරියටම කියුවොත් හදවත සොරාගත්ත ජාතියේ ෆිල්ම් එකක්.

චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ සත්‍ය කතාවක් පාදක කරගෙන. මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් 45ක් කොල්ල කාපු ජෙෆ්රි කියන හාදයා ගැන තමයි කතාව ගෙතෙන්නේ.
හොරෙක් වුනත් ජෙෆ්රි මේ හොරකම් කරන්නේ තමන්ගේ සතුටට වඩා අනුන්ගේ සතුට වෙනුවෙන්. තමන්ගේ කසාද ගෑණි වෙනුවෙන්.
කසාද ගෑණිටත් වඩා තමන්ගේ ළමයි වෙනුවෙන්. හැබැයි ජෙෆ්රිට මේ හොරකම් කරන්න හැමදාම ලැබෙන්නේ නෑ.
එයා පොලිසියට අහු වෙනවා. අවුරුදු 45කට සිරදඬුවම් නියම වෙනවා. හැබැයි ජෙෆ්රි හිර ගෙදරක තමන්ගේ ජිවිතය දිය කරන්න කැමති වෙන්නේ නැහැ. එයා මොළේ පාවිච්චි කරලා හිරෙන් පනිනවා. මෙතනින් පස්සේ තමයි ජෙෆ්රිගේ ජීවිතය වෙනස් වෙන්නේ. ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා. 'ජෙෆ්රි' කියන සූර චෞරයගේ චරිතය නිරූපණය කරන්නේ චැනින්ග් ටැටුම් විසිනි. චැනින්ග් රඟපෑ චිත්‍රපටවලින් ජෙෆ්රි කියන්නේ වෙනස්ම චරිතයක්. හොඳ රංගනයක්.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>
මේක මම බලපු චරිත කතා ඇතුළත් චිත්‍රපට (Biography movies) අතරින් වෙනස්ම චරිතයක් ගැන නිර්මාණය වෙච්ච රසවත් කතාවක්. ඇත්තටම මෙහෙම මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා නේද? කියන සිතුවිල්ල හිතට එන එක වළක්වන්න බැහැ. මනුස්සයෙක් වශයෙන් තනිකම රිදෙනවා. ඊටත් වඩා තමන් පණ වගේ ආදරය කරපු ළමයි තමන්ට නැතිවෙන දුක වචනවලින් විස්තර කරන්න බැහැ. ඒක අපි හැමෝටම පොදු දෙයක්.

Motivation Ride එකක් ගන්න හොඳම කතාවක් නොවුනත් මේ වගේ මනුස්සයෙක් මේ ලෝකේ වාසය කරලා කියලා හිතලා entertainment එකක් දෙන හොඳ ෆිල්ම් එකක් තමයි "රූෆ්මෑන්'' කියන්නේ.

සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)












