-Lakmina Ranasinghe-
'මලකි දුවේ නුඹ' සහ 'Father'!!
මම මේ දෙකම බැලුවා. මේ දෙන්නා වෙනස්ම ටෙක්නික්ස් දෙකකට බැට් කරන, කුලක දෙකක සුපිරිම ආරම්භක පිතිකරුවො දෙන්නෙක්!!
ජනවාරි 2 වෙනිදා ඉඳලා හරිම ලස්සන පාරවල් ගහලා ලකුණු රැස් කරන්න පුළුවන් 'මලකි දුවේ නුඹ' ගැන කියනව නම්; ඒකෙ ට්‍රේලර්, පෝස්ටර් දැක්කම මට හිතුනෙ සාමාන්‍ය, බෝරිං කතාවක් කියලා. ඒත් ඒක Gen Z mind එක ගැන පවා ගැඹුරෙන් කතා කරන මාරම updated කතාවක්.

නූතන පවුල් සංකල්පයත් එක්ක අපිව ඉමෝෂනල් ට්‍රිප් එකක අරගෙන යන මේ ෆිල්ම් එක ඇඹරැල්ලා ජූස් එකක් වගේ රසයි. සංකල්පය සරලයි, ඒ වගේම ගැඹුරුයි. දෙබස් සරලයි, ඒ වගේම අර්ථාන්විතයි. කතාවත් රසයි, ඒ වගේම ගුණයි.
මලකි දුවේ නුඹ කියන්නෙ Gen z එකට බය නැතුව පෙන්නන්න පුළුවන් විදිහේ නියම කතාවක්. අම්මා සහ දුව අතර තියන සම්බන්ධය විශ්වාස කරන හැමෝම, විශ්වයේ කොහේ හිටියත් මේ ෆිල්ම් එක බලන්නම ඕනෙ.
වඩාත් වටින්නෙ යුක්තියද ස්වර්ගයද කියලා අපෙන් අහන 2026 අවුරුද්දෙ අනිත් ආරම්භක පිතිකරුවා තමයි ජනවාරි 9 වෙනිදා එන 'Father'. මේක; වයලන්ස්, ඇක්ශන්, ත්‍රිලර් වර්ගයේ කතාවලට කැමති අයගේ මනදොල හික් ගෑවෙන සුපිරි වැඩක් !

මේ ෆිල්ම් එක අයිසෙක් නිව්ටන්ට පවා බය නැතුව පෙන්නන්න පුළුවන්!! මේ ෆිල්ම් එකේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ ෆයිට් නෑ. ඒ වගේම සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක්, භෞතික විද්‍යාවේ වගේම සමාජයෙත් තියනවා කියලා Father ෆිල්ම් එකේ පෙන්නනවා.
ඉතිං, Father කියන්නෙ ඇස් දෙකෙන් බලලා වම් මොළේනුයි, දකුණු මොළේනුයි දෙකෙන්ම හිතන්න ඕන බර ෆිල්ම් එකක්!!

සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.












