එළඹෙන ජනවාරි 09 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිත චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කළ “Father - ෆාදර්”සිංහල චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් ඊයේ (22) දිනයේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශලාවේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට චිත්‍රපටයේ රංගන ශිල්පීන්, නිෂ්පාදක කණ්ඩායමේ සාමාජිකයන්, මාධ්‍යවේදීන්, ආරාධිත අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන “Father - ෆාදර්” චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.
පූර්ව ප්‍රචාරක පටය පහළින් >>
සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න, සේවියර් කණිෂ්ක.... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
චිත්‍රපටයේ තිර රචනය චමින්ද කොඩිතුවක්කු විසින් වන අතර, EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
ඉතින්, එළඹෙන 2026 වසරේ ජනවාරී 09 වනදා සිට ඔබට ළගම සිනමා ශාලාවේදී “Father - ෆාදර්” චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.
මතු දැක්වෙන්නේ ඊයේ පැවති චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයක්.>>
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැකියි.)
https://www.mirrorarts.lk/news/12099-father-09-photos#sigProId038aae38c3











